Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හොරණ තක්ෂිලාවේ සසංක විශිෂ්ඨ පිතිහරඹයක

හොරණ තක්ෂිලාවේ සසංක විශිෂ්ඨ පිතිහරඹයක

editorial - 2019 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හොරණ තක්ෂිලා මැදි විදුහල සහ කෝට්ටේ ජනාධිපති විදුහල අතර බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට තක්ෂිලා මැදි විදුහල සමත් විය.

එහිදී තක්ෂිලා මැදි විදුහලේ සසංක අදීප පළමු ඉනිමේදී ලකුණු 110 ක්ද, දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 51 ක්ද රැස්කරමින් විශිෂ්ඨ පිතිහරඹයක නිතර විය.

තක්ෂිලා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 88.3 කදී කඩුලු 9 ක් දැවී 280
(සසංක අදීප 110, දේශාන් දිල්මිත් 43, තිසර සචින්තන 34, සෙනෙත් වින්විනු 27, ගිහාන් මදුභාෂ් 23, පහන් බි්‍රටෝ 53/3, හේෂාන් ශානක 33/2)

ජනාධිපති විදුහල් පළමු ඉනිම - ඕවර 74.5 කදී සියලු දෙනා දැවී 245
(යුනෙත් සෙනෙවිරත්න 66, අකිල රොෂාන් 44, විනිල්ක දුල්ෂාන් 36, විකුම් කල්හාර 26, නුරාන් හේෂර නොදැවී 21, තිසර සචින්තන 60/3, සසංක අදීප 64/3, සෙනෙත් වින්විනු 71/3)

තක්ෂිලා මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 27 කදී කඩුල්ලක් දැවී 97
(සසංක අදීප නොදැවී 51, ගිහාන් මදුභාෂ් 45)

-036


අදහස් (0)

හොරණ තක්ෂිලාවේ සසංක විශිෂ්ඨ පිතිහරඹයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.