Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හොරණ වොලිබෝල් තරගාවලියට අයැදුම්පත්

හොරණ වොලිබෝල් තරගාවලියට අයැදුම්පත්

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නිදහස් දින සමරුව නිමිත්තෙන් හොරණ ප‍්‍රාදේශීය සභාව මෙහෙයවන හොරණ ආසනයේ කණ්ඩායම්වලට පමණක් සීමා වූ වොලිබෝල් තරගාවලිය සඳහා ඉදිරිපත් වන කණ්ඩායම් වෙතින් අයැදුම් පත් භාරගැනීම ලබන සෙනසුරාදා (25) අවසන් වේ.

නිදහස් සමරු වොලිබෝල් තරගය මොරගහහේන බෙරුකැටිය වොලිබෝල් ක‍්‍රීඩාංගනයේ දී පෙබරවාරි 4 වෙනි දින පෙ.ව. 8.30ට ආරම්භ වේ. අවසාන මහා තරගය එදින රාත‍්‍රියෙහි විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට නියමිතය.

මෙම වොලිබෝල් තරගාවලියේ ශූරතාව හා අනු ශූරතාව දිනා ගන්නා කණ්ඩායම් වලට වටිනා තෑගි පිරි නැමේ. අයදුම්පත් හොරණ ප‍්‍රාදේශීය සභාවෙන් ලබාගත යුතුය. එසේ ලබාගෙන පුරවනු ලබන අයදුම්පත් මෙම ජනවාරි 25 වෙනි දින හෝ ඊට පෙර ප‍්‍රාදේශීය සභාවට හෝ ඉංගිරිය හා පොකුණුවිට පිහිටි සභාවේ ප‍්‍රාදේශීය කාර්යාල වෙත භාර දිය යුතුය.


අදහස් (0)

හොරණ වොලිබෝල් තරගාවලියට අයැදුම්පත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.