Last Update  :  2025-03-27 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හොරොන් රිංගා ලේඛන මකති

හොරොන් රිංගා ලේඛන මකති

editorial - 2022 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ නිල විද්‍යුත් ලිපිනය අනවසරයෙන් විවෘත කර එහි ඇතුළත්ව තිබූ වැදගත් ලිපිලේඛන රැසක් මකා දමා ඇති බවට එම සම්මේලනයේ ප්‍රධානින් කර ඇති පැමිණිල්ලකට අනුව රහස් පොලිසියේ අන්තර්ජාල අපරාධ ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

කබඩි සම්මේලනයේ ලේකම් ආර්. ෂහිවාන් මහතා විසින් එම ඒකකයට කළ පැමිණිල්ලකින් දැක්වෙන්නේ මෙම සිදුවීමෙන් සම්මේලනයේ නිල විද්‍යුත් තැපෑලේ අන්තර්ගතව තිබූ ලිපි ලේඛන රැසක් අතුරුදන්ව තිබෙන බවයි.

මෙම සිදුවීම දැන ගන්නට ලැබීමෙන් පසුව කබඩි සම්මේලනයේ ප්‍රධානින් කුරුඳුවත්ත පොලිසියට පළමුව පැමිණිලි කර තිබේ. එහිදී උපදෙස් ලැබී ඇත්තේ ඒ සම්බන්ධයෙන් රහස් පොලිසියේ අන්තර්ජාල අපරාධ ඒකකයට පැමිණිලි කරන ලෙසයි.

මෙම සිදුවීම වාර්තා වන්නේ ජාතික කබඩි කාන්තා හා පිරිමි සංචිත දෙකේ කල් ගෙවූ ආරක්ෂක හමුදාවලට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් කබඩි සම්මේලනයට විරෝධය පළ කරමින් ඉන් ඉවත්ව ගොස් සිටින අවස්ථාවකදීය.

මේ සම්බන්ධයෙන් කබඩි සම්මේලනයේ ප්‍රධානින්ගේ හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පාර්ශ්ව දෙකකින් ලැබුණු පැමිණිලි මත විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයකුගේ මෙහෙයවීමෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය මේ වනවිට පියවර ගෙන තිබේ.

ලබන ජූලි 28 වැනිදා එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරදී ආරම්භ වන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් ජාතික කාන්තා හා පිරිමි කබඩි සංචිතයන්හි පුහුණුවීම් ආරම්භ වූයේ මෙරට සේවය සඳහා කැඳවූ ඉන්දීය ප්‍රවීන කබඩි පුහුණුකරු කේ. බාස්කරන් මහතා යටතේය. උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ ජාතික කබඩි සංචිතයන්හි දැනට ඉතිරිව සිටින ක්‍රීඩක ක්‍රිඩිකාවන් පිරිසකට ඔහු යටතේ ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් පමණක් සිදු කරන බවද වැඩිදුරටත් වාර්තා වේ.

 


අදහස් (0)

හොරොන් රිංගා ලේඛන මකති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.