Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ළහිරුගේ කළව මස්පිඬුව ඉරීයයි

ළහිරුගේ කළව මස්පිඬුව ඉරීයයි

editorial - 2021 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර පාදයේ ආබාධයකට ලක්ව ඇත.

වම් පාදයේ කළව පිටුපස මස්පිඬුව ඉරීයාම හේතුවෙන් ළහිරු කුමාරට තවදුරටත් මෙම තරගයේදී ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවනු ඇත. කෙසේ වෙතත්, අවශ්‍ය වුවහොත් පන්දුවට පහරදීම සඳහා ළහිරු කුමාර පිටියට පැමිණීමට සූදානමින් සිටින නමුත්, එවැනි අවශ්‍යතාවයක් ඇති නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායම් කළමණාකාරීත්වයේ අදහසයි.

ස්කෑන් පරීක්‍ෂණයක් සඳහා ළහිරු කුමාර මේ වන විටත් පිටත්කර යවා ඇති අතර එහි ප්‍රතිඵල අද රාත්‍රියේදී ලැබීමට නියමිතය. මෙම අබාධය හේතුවෙන් ළහිරු අද දිනයේ පන්දු යැවූයේ නැත. තරගයේ පළමු දින දෙකේදී ඕවර 28 ක් යැවූ ළහිරු කුමාර ලකුණු 88 කට කඩුල්ලක් දවාගත්තේය.


- 2079

 


අදහස් (0)

ළහිරුගේ කළව මස්පිඬුව ඉරීයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.