Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා සමාජයක් වන හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය රග්බි විද්‍යායතනයක් ආරම්භ කර තිබේ. රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ සියලු පහසුකම් වලින් සමන්විත මෙම රග්බි විද්‍යායතනයේ අරමුණ වන්නේ තවත් වසර 10 කින් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයටත්, ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමටත් අවශ්‍ය රග්බි ක්‍රීඩකයන් නිර්මාණය කරගැනීමයි. වෘත්තීය රග්බි ක්‍රීඩකයන් වශයෙන් කොන්ත්‍රාත්තුවක් පිරිනැමීමට තරම් ශක්තිමත් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමයි.
ඕස්ට්‍රේලියාවේ ‘ෆ්ලයි හයි ස්පෝට්ස්’ සමාගම සමගින්, වසර 10 ක හවුල්කාරීත්වයක් ඇතිව, පිහිටුවනු ලබන මෙම රග්බි විද්‍යායතනය, ශ්‍රී ලංකාවේ පළමු වැනි රග්බි විද්‍යායතනය වෙයි. එය සෑම සෙනසුරාදා දිනයකම පෙරවරු 7.30 සිට 9.30 දක්වා කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජ පිටියේදී ක්‍රියාත්මක වේ. විද්‍යායතනයේ ප්‍රධාන පුහුණුකරුවා වන්නේ කීර්තිමත් ඕස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවකු වන කෲගර් රෝච් මහතාය.
දීර්ඝ කාලයක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ දිවිගෙවන සෙඩ්රික් ඇන්තනි මහතා මෙම රග්බි විද්‍යායතනයේ නිර්මාතෘවරයාය. ක්‍රීඩාව පිළිබඳ ඕස්ට්‍රේලියානු ආකෘතිය ශ්‍රී ලංකාවට ගෙන එමින්, ශ්‍රී ලංකාවේ කුඩා දරුවන්ට එහි ප්රතිලාභ අත්කරදීම මෙම රග්බි විද්‍යායතනය නිර්මාණය කිරීමේ අරමුණ බව සෙඩ්රික් ඇන්තනි මහතා පැවසීය.
“කොහොමටත් මේක නොමිලේ කෙරෙන විද්‍යායතනයක් නෙමේ. මොකද අපේ අයට නිකං දෙන කිසිම දේක වැදගැම්මක් නෑනේ..”
“ඒ නිසා මේ රග්බි විද්‍යායතනයේදී රග්බි ක්‍රීඩාව හදාරන අයගෙන් සාධාරණ අයකිරීමක් සිදුවෙනවා. ඒ නිසාම මෙතනට එන කුඩා ක්‍රීඩකයන් ඒ ඔස්සේ තමන්ගේ අනාගතය නිර්මාණය කරගනීවි” යයි ද සෙඩ්රික් ඇන්තනි මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ වර්තමාන රග්බි ක්‍රීඩාවේ ආකෘතිය අනුව රග්බි ක්‍රීඩකයෝ අර්ධ වෘත්තීය ක්‍රීඩකයෝ වෙති. එහෙත් රුපියල් ලක්ෂය ඉක්මවූ දීමනා හිමිවන ක්‍රීඩකයන් කිහිප දෙනකු ද ශ්‍රී ලංකා රග්බි පිටියේ නැතුවා නොවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.