Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ​බේස්බෝල් අවසන් සටනේදී යුද - නාවික හමුදා ගැටෙයි

​බේස්බෝල් අවසන් සටනේදී යුද - නාවික හමුදා ගැටෙයි

editorial - 2024 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය සංවිධානය කරන ජාතික සුපිරි ලීග බේස්බෝල් තරගාවලියේ අවසන් මහ තරගය ෙහට (11 වැනිදා) පස්වරු 1.30 සිට දියගම, ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාත්‍යන්තර බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහිදී යුද හමුදාවට එරෙහිව නාවික හමුදාව තරග බිමට පිවිසෙනු ඇත. 

අවසන් පූර්ව වටයේදී රණබිම බේස්බෝල් සමාජය පරාජය කරමින් යුද හමුදා කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ අතර නාවික හමුදා කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී රෝයල් බ්ලූස් බේස්බෝල් සමාජය පරාජය කරමිනි. 

අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූ රණබිම බේස්බෝල් සමාජය සහ රෝයල් බ්ලූස් බේස්බෝල් සමාජය අතර තරගාවලියේ තෙවැනි ස්ථානය තේරීමේ තරගය අද පෙරවරු 8.30 පැවැතවීමට කටයුතු යොදා තිබේ.

තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ශූරතා කුසලාන සමගින් රුපියල් 75,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙණ අතර අනු ශූරයන් සඳහා කුසලාන සමග රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක්ද, තෙවැනි ස්ථානය සඳහා රුපියල් 30,000 ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමෙණු ඇත. 

ඊට අමතරව තරගාවලියේ දක්ෂතම පන්දු රකින්නා, දක්ෂතම පන්දු පිරිනම්න්නා, දක්ෂතම පිතිකරුවා සහ වටිනාම ක්‍රීඩකයා සඳහාද කුසලාන පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති. ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වීමට නියමිතය.

ඉකුත් මාර්තු මාසයේ සිට මේ දක්වා සති අන්තවලදී පැවැති මෙම තරගාවලිය සඳහා යුද, ගුවන්, නාවික යන ත්‍රිවිධ හමුදා කණ්ඩායම්වලට අමතරව රණබිම, ඇතුගල, ආදි නාලන්දා සහ රෝයල් බ්ලූස් යන බේස්බෝල් සමාජ මෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාල කණ්ඩායමද සහභාගි විය. 

යුද හමුදාව 

 

නාවික හමුදාව


අදහස් (0)

​බේස්බෝල් අවසන් සටනේදී යුද - නාවික හමුදා ගැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.