Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‘රොදර්හැම්’ මෝටර් රථ තරගාවලිය 12 වැනිදා

‘රොදර්හැම්’ මෝටර් රථ තරගාවලිය 12 වැනිදා

ශනුක අරවින්ද - 2014 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘රොදර්හැම්’ මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරගාවලිය මේ මස 12 වැනි ඉරිදා උදෑසන 8.30 සිට කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා කෘතී‍්‍රම ධාවන පථයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්ව සංවිධානය කරන මෙම තරගාවලිය, මේ වසරේ සියැට් - ස්ලාඩා ශූරතාව සඳහා පැවැත්වෙන අවසන් තරගාවලිය ලෙසද සැලකේ.

මෙවර තරගාවලිය සඳහාද දිවයිනේ ප‍්‍රධාන පෙළේ මෝටර් රථ රියදුරන් සහ යතුරුපැදිකරුවන් ඇතුළු තරගකරුවන් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය.

මෙහි ප‍්‍රධාන අනුග‍්‍රාහක ලෙස සියැට් ආයතනය කටයුතු කරන අතර මූලික අනුග‍්‍රාහකයන් ලෙස ලංකා බැංකුව, හොණ්ඩා, ඊටෙල්, මහජන බැංකුව සහ එටිසෙලාට් යන සමාගම් සහ ආයතනය කටයුතු කරයි.

-036

 

 

 


අදහස් (0)

‘රොදර්හැම්’ මෝටර් රථ තරගාවලිය 12 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.