Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
දඹුල්ල අවුරා කණ්ඩායම සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර ඉකුත් 5 වැනිදා පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී එල්.පී.එල්. තරගාවලියේ විනය නීති මාලව කඩකිරීම හේතුවෙන් චාමික කරුණාරත්නට සහ කුසල් මෙන්ඩිස්ට දඩ නියම කිරීමට තරග තීරකවරයා ලෙස කටයුතු කළ මනෝජ් මෙන්ඩිස් මහතා පියවර ගෙන ඇත.
තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 193 ක ඉලක්කයක් හඹායමින් සිටි කලම්බු කණ්ඩායම අවසන් ඕවරය ආරම්භ වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 162 ක් ලබා සිටියේය. ප්‍රමෝද් මධුෂාන් යැවූ අවසන් ඕවරයේ පළමු පන්දුවට හයේ පහරක් ගැසූ චාමික කරුණාරත්න, දෙවැනි පන්දුව ලෝන් ඕන් කලාපය තල්ලු කරමින් ලකුණු 2 ක් කරා දිවයෑමට උත්සාහ කළද එය අසාර්ථක විය.
එම අවස්ථාවේදී ලෝන් ඕන් කලාපයේ සිට පන්දුව රැකගත් පන්දු රකින්නා, කඩුලු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් වෙත පන්දුව විසිකිරීමේදී චාමික ඊට හරස් වීමත් සමග තරමක් උණුසුම්කාරී වාතාවරණයක් ගොඩනැගුණු අතර කුසල් සහ චාමික අතර යම් බහින් බස්වීමක්ද ඇති විය. කෙසේ වුවත් සෙසු ක්‍රීඩකයන්ගේ මැදිහත්වීම මත තත්වය සමතයකට පත්විය.
එම අවස්ථාවේදී තරගාවලියේ විනය නීති මාලාවේ 2.6 වගන්තිය කඩකිරීම හේතුවෙන් තරග ගාස්තුවෙන් 30% ක දඩ මුදලක් සහ දඬුවම් ලකුණු 2 ක්ද, 2.21 වගන්තිය කඩ කිරීම හේතුවෙන් තරග ගාස්තුවෙන් 25% ක දඩ මුදලක් සහ දඬුවම් ලකුණක්ද චාමිකට නියම කිරීමට තරග තීරකවරයා පියවර ගෙන ඇත.
චාමික සමග බහින්බස් වූ කුසල් සහ පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලීද එහිදී විනය නීති මාලාවේ 2.21 වගන්තිය කඩකර ඇති බැවින් ඔවුන් දෙදෙනාට පිළිවෙලින් තරග ගාස්තුවෙන් 10% ක සහ 15% ක දඩ නියම කළ තරග තීරකවරයා, දෙදෙනාටම දඬුවම් ලකුණ බැගින් ලබාදීමටද කටයුතු කර ඇත.
ඔවුන්ට අමතරව ඉකුත් ජූලි මස 30 වැනිදා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී විනය නීති මාලාවේ 2.5 වගන්තිය කඩ කිරීම හේතුවෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂාටද තරග ගාස්තුවෙන් 20% ක දඩයක් සහ දඬුවම් ලකුණක් නියම කිරීමට එම තරගයේ තීරකවරයා පියවර ගෙන තිබිණ.
මෙම සිදුවීම් සියල්ල සම්බන්ධයෙන් අදාල ක්‍රීඩකයන් වැරදි පිළිගෙන තිබීම නිසා ඒ පිළිබඳ වැඩි දුර පරීක්ෂණ නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.