Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 8 වැනි තරගය ලෙස දඹුල්ල අවුරා කණ්ඩායම සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර අද (5 වැනිදා) පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 10 ක තියුණු ජයක් වාර්තා කිරීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 193 ක ඉලක්කයක් හඹාගිය කලම්බු කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 182 ක් පමණි.
නුවනිඳු ප්‍රනාන්දු පන්දු 39 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 56 ක්ද, චාමික කරුණාරත්න පන්දු 7 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 20 ක්ද ලබා තරගය නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි නමුත් ඔවුන්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට නොහැකි වූහ. කලම්බු ඉනිමේ බිඳවැටුණ කඩුලු 4 න් 2 කටම හිමිකම් කීමට නූර් අහමඩ් සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල අවුරා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 192 ක් ලබාගත් අතර කුසල් මෙන්ඩිස් (87) සහ සදීර සමරවික්‍රම (59) අර්ධ ශතක ලබාගනිමින් දඹුල්ල ඉනිම සවිමත් කළහ. පන්දු 46 කට මුහුණදුන් කුසල් හයේ පහර 8 කින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 35 කදී වාර්තා වූ සදීරගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය.
මෙම තරගයේදී චාමික කරුණාරත්න දැඩි පහර කෑමකට ලක්වූ අතර ඔහුගේ ඕවර 4 තුළ ලකුණු 55 ක් රැස්කිරීමට දඹුල්ල පිතිකරුවෝ සමත් වූහ. කලම්බු කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ මතීෂ පතිරණ ලකුණු 31 කට කඩුලු 3 ක් දවාගත් අතර නසීම් ෂා ලකුණු 21 කට කඩුලු 2 ක් බිඳහෙළීමට සමත් විය.
දඹුල්ල අවුරා පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 192
(කුසල් මෙන්ඩිස් 87, සදීර සමරවික්‍රම 59, ධනංජය ද සිල්වා නොදැවී 15, මතීෂ පතිරණ 31/3, නසීම් ෂා 31/2)
කලම්බු ස්ට්‍රයිකර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 182
(නිරෝෂන් දික්වැල්ල 16, බාබර් අසාම් 41, පැතුම් නිස්සංක 22, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 56, ධනංජය ද සිල්වා 18, චාමික කරුණාරත්න නොදැවී 20, නූර් අහමඩ් 34/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.