Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ලකුණු 38 ක් ඇතුළතදී කඩුලු 7 ක් බිම දැමූ තබ්රේස් ශම්සි (20/4) සහ සීකුගේ ප්‍රසන්න (14/3) දෙදෙනා එල්.පී,එල්. තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටය සඳහා ගෝල් ටයිටන්ස් කණ්ඩායම කැඳවාගෙන ගියහ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති තරගයේදී ගෝල් ටයිටන්ස් ක්‍රීඩකයෝ කඩුලු 8 ක පහසු ජයක් අත්කරගත්හ.
ශම්සි සහ සීකුගේ දෙදෙනාගේ පන්දු යැවීම හමුවේ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ලකුණු 74 කට සීමා වූ හෙයින් ගෝල් ටයිටන්ස්ලා ඕවර 8.3 කදී අපේක්‍ෂිත ඉලක්කය පසුකර ගියහ.
මුලු ලකුණු සංඛ්‍යාව 19 ක්ව තිබියදී ගෝල් ටයිටන්ස් පිලේ භානුක රාජපක්‍ෂ සහ ලිටන් දාස් දෙදෙනාම දැවී ගියද, ලසිත් කෲස්පුල්ලේ (නොදැවී 42) සහ සකිබ් අල් හසන් (නොදැවී 17) එක්ව ගෝල් ටයිටන්ස් පිල ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.
පන්දු 69 ක් ඉතිරිව තිබියදී ගාල්ල ක්‍රීඩකයන් ලබාගත් ජයග්‍රණය හේතුවෙන් කලම්බු ස්්‍රයිකර්ස්ලාගේ ශූද්ධ ලකුණු වේගය -1.215 දක්වා ඇද වැටිණ. එහි අනුයාත ප්‍රතිඵලය වූයේ කලම්බු ස්ට්‍රයිකර්ස් පිල පිළිමළුන් පිටුදැකීමේ වටයෙන් ඉවත් වෙමින්, ජැෆ්නා කිංග්ස් පිලට අවස්ථාව හිමිවීමයි.
කාසියේ වාසිය දිනාගත් ගෝල් ටයිටන්ස් නායක දසුන් ශානක කිසිම පැකිළීමකින් තොරව පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. පැතුම් නිස්සංක දෙවැනි ඕවරයේදීම දැවී ගිය නමුත් බාබර් අසාම් (06) සහ ළහිරු උදාර (14) ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
මුලු ලකුණු සංඛ්‍යාව 36 ක් ව තිබියදී නිපුන් ධනංජය දවාගත් තබ්රේස් ශම්සි එතැන් සිට කලම්බු ස්ට්‍රයිකර්ස් පිතිකරුවන්ගේ ගෙල සිරකළේය. වමතින් චයිනමන් පන්දු යැවූ ශම්සිට කදිම සහයෝගයක් දුන් දකුණත් පා දඟ පන්දු යවන්නා වන සීකුගේ ප්‍රසන්න, ඕවර කින් කඩුලු 3 ක් දවාගත්තේ ස්ට්‍රයිකර්ස්ලාගේ ඉනිම ලකුණු 74 කට සීමා කරමිනි.
කලම්බු ස්ට්‍රයිකර්ස් - ඕවර 15.4 කදී සියලු දෙනා දැවී 74 යි
(ළහිරු උදාර 14, නිපුන් ධනංජය 13, නුවනිඳු ප්‍රනාන්දු 14, මොහොමඩ් නවාස් 11, තබ්රේස් ශම්සි 20/4, සීකුගේ ප්‍රසන්න 14/3)
ගෝල් ටයිටන්ස් - ඕවර 8.3 දී කඩුලු 2 ක් දැවී 75 යි
(ලසිත් කෲස්පුල්ලේ නොදැවී 42, සකිබ් අල් හසන් නොදැවී 17)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.