Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව LPL 2023 ගෝල් ටයිටන්ස් වාසිය මිටමොළවාගනී

ගෝල් ටයිටන්ස් වාසිය මිටමොළවාගනී

editorial - 2023 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

එල්.පී.එල්. තරගාවලියේ තරග 9 ක් නිමාවේදී කණ්ඩායම් 5 න් කණ්ඩායම් 4 ක් ම ප්‍රසාද ලකුණු 4 ක් බැගින් ලබා සිටිති. මෙම තරගාවලියේ සැකැස්ම අනුව පිළිමළුන් පිටුදැකීමේ වටයෙන් ඉවතට යන්නේ එක කණ්ඩායමක් පමණක් වන බැවින් සෑම කණ්ඩායමකම මූලික අරමුණ වන්නේ, ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ලබාගත නොහැකි නම්, පළමු හතර දෙනා අතර ස්ථානයක් හෝ වෙන්කර ගැනීමයි.

ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ලබාගන්නා කණ්ඩායම සතු වාසිය වන්නේ පිළිමළුන් පිටුදැකීමේ වටයේ එක තරගයක් ජයග්‍රහණය කළහොත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා එය ප්‍රමාණවත් වන බැවිනි.

කෙසේ වෙතත් ගෝල් ටයිටන්ස් පිල ප්‍රසාද ලකුණු 4 ක් ලබා සෙසු කණ්ඩායම් සමග කරට කර සිටින්නේ අනෙක් කණ්ඩායම් වලට සාපේක්‍ෂව එක තරගයක් අඩුවෙන් ක්‍රීඩා කරමිනි. යම් හෙයකින් හෙට (07 වැනිදා) යාපනය කිංග්ස් පිලට එරෙහි තරගය ජයගැනීමට ගෝල් ටයිටන්ස් පිලට හැකිවුවහොත් පහසුවෙන්ම සෙසු කණ්ඩායම් අභිබවා ඉදිරියට යාමේ අවස්ථාව ගෝල් ටයිටන්ස් පිල සතුව තිබේ.


අදහස් (0)

ගෝල් ටයිටන්ස් වාසිය මිටමොළවාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.