Last Update  :  2025-03-16 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව LPL 2023 බාබර්ගේ ශතකය කොළඹට ජය ගෙනෙයි
එල්.පී.එල් - 2023

බාබර්ගේ ශතකය කොළඹට ජය ගෙනෙයි

editorial - 2023 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ලංකා ප්‍රිමියර් ලීග් (2023) තරගාවලියේ 10 වැනි තරගය ලෙස ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ කැන්ඩි ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් විය. ඔවුන් මෙවර තරගාවලියේදී ලැබූ දෙවැනි ජය මෙය විය.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 189 ක ඉලක්කයක් හඹාගිය කලම්බු ක්‍රීඩකයෝ, පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. එහිදී අගනා පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු බාබාර් අසාම් පන්දු 59 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 104 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

එය එල්.පී.එල්. ඉතිහාසයේ ක්‍රීඩකයකු ලබාගත් සිවුවැනි ශතකය මෙන්ම දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද සටහන් විය. පැතුම් නිස්සංක (54) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 111 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද බාබර් සමත් විය. පැතුම්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 188 ක් ලබාගත්තේය. ගෝල් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ටිම් සෙයිෆට් පන්දු 35 කින් නොදැවී ලකුණු 54 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. භානුක රාජපක්ෂ හතරේ පහර 3 ක් සමග ලකුණු 30 ක් රැස්කළේය.

ආරම්භක පිතිකරුවන් වූ ලසිත් කෲස්පුල්ලේ පන්දු 19 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 36 ක්ද, ෂෙවෝන් ඩැනියෙල් පන්දු 31 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 49 ක්ද රැස්කරමින් ගෝල් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 87 කි.


ගෝල් ටයිටන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 3 කට 188
(ලසිත් කෲස්පුල්ලේ 36, ෂොවෝන් ඩැනියෙල් 49, භානුක රාජපක්ෂ 30, ටිම් සෙයිෆට් නොදැවී 54)

කලම්බු ස්ට්‍රයිකර්ස් පිල - ඕවර 19.5 කදී කඩුලු 3 කට 189
(පැතුම් නිස්සංක 54, බාබර් අසාම් 104, මොහොමඩ් නවාස් නොදැවී 14, තබ්‍රේස් ශම්ෂි 27/2)

 


අදහස් (0)

බාබර්ගේ ශතකය කොළඹට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.