Last Update  :  2025-03-16 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව LPL 2023 බී-ලව් කැන්ඩි එල්.පී.එල් කුසලාන දිනති
එල්.පී.එල් - 2023

බී-ලව් කැන්ඩි එල්.පී.එල් කුසලාන දිනති

editorial - 2023 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පාදයේ ආබාධයක් හේතුවෙන් නායක වනිඳු හසරංග විවේක ගෙන සිටියද, අවසන් මොහොත දක්වාම සටන අත් නොහළ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 25) කඩුලු 5 ක ජයක් කරා කණ්ඩායම මෙහෙයවමින්, 2023 එල්.පී.එල් තරගාවලියේ කුසලානය බී-ලව් කැන්ඩි කණ්ඩායමට දිනා දුන්නේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 148 ක ඉලක්කයක් කරා ගිය බී-ලව් කැන්ඩි ක්‍රීඩකයෝ පන්දුවක් ඉතිරිව තිබියදී කුසලානය තමන් සතුකර ගත්හ.

කැන්ඩි කණ්ඩායමේ තාවකාලික නායකයා වූ මැතිව්ස් තමන්ගේ ඕවර 2 ත් ලකුණු 11 කට සීමාකරගත් අතර ජයග්‍රහණය දක්වාම පිටියේ රැඳී සිටිමින්, නායකත්වයේ භූමිකාව කදිමට සමාප්ත කළේය.

ලකුණු 148 ක ඉලක්කය කරා යාමේදී සාර්ථක ආරම්භයක් ලබාගත් කැන්ඩි ක්‍රීඩකයෝ සිය 14 වැනි ඕවරයේදී 100 වැනි ලකුණ පුවරුවට එක්කළේ අවසන් ප්‍රහාරය සඳහා කඩුලු අතැතිව තබාගනිමිනි. ඒ වෙනුවෙන් ඉදිරිපෙළ පිතිකරුවෝ සාර්ථක දායකත්වයක් සැපයූහ. පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කින් ලකුණු 49 ක් ගොණු කළ මොහොමඩ් හාරිස් (26) සහ කමිඳු මෙන්ඩිස් (44) තරගයේ තාලය තමන්ගේ රිද්මයට හදාතැබූහ.

බී-ලව් කැන්ඩි නායක වනිඳු හසරංග කණ්ඩායමේ නොමැතිවීමෙන් උපරිම ප්‍රයෝජන ගත් ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම සහ කුසල් ජනිත් පෙරේරා එක්ව ලකුණු 147 ක් කරා දඹුල්ල අවුරා කණ්ඩායම කැඳවාගෙන ගියහ.

සෙනසුරාදා පැවැති තරගයේදී පාදයේ දණහිසෙන් ඉහළ කොටසේ ආබාධයකට ලක්වූ වනිඳු හසරංග, අසීරුවෙන් පන්දු යවමින් වුවද ලකුණු 21කට කඩුලු 2 ක් දවාගත්තේය. එහෙත් ඉදිරියේ එන ආසියානු කුසලාන සහ ලෝක කුසලාන තරගාවලි වෙනුවෙන් පරෙස්සම් විය යුතු බැවින් බී-ලව් කැන්ඩි නායකයා අවසන් මහ තරගයෙන් ඉවත්ව සිටියේය.

ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 05 කට දැවී ගිය නමුත් කුසල් මෙන්ඩිස් (22) සහ සධීර සමරවික්‍රම (36) එක්ව පන්දු 47 කදී ලකුණු 57 ක් එක්කළහ. එහෙත් මෙම පිතිකරුවන් දෙදෙනා එක්ව නාස්ති කළ නිළකුණු පන්දු 22 නිසා පසුපෙළ පිතිකරුවෝ අමාරුවේ වැටුණහ.

ඕවර 14 ක් නිමාවේදීත් පුවරුවේ සටහන් ව තිබුණේ ලකුණු 84 කි. එනම් ඕවරයකදී ලකුණු 7.00 ක වේගයකි. මොහොමඩ් හස්නයින් යැවූ 15 වැනි ඕවරයේදී පිට පිටම හයේ පහර දෙකක් ගැසූ ධනංජය ද සිල්වා සහ කුසල් පෙරේරා එක්ව අවසන් ඕවර 6 දී ලකුණු 63 ක් ලබාගනිමින් මුලු ලකුණු සංඛ්‍යාව 140 න් ඔබ්බට ගෙන ගියහ.

අවසන් ඕවර 6 ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 16, 10, 11, 9, 8 සහ 9 ක් ලෙසිනි.

ධනංජය ද සිල්වා...

 

කුසල් ජනිත්....

 

කුසල් මෙන්ඩිස්...

 

චතුරංග ද සිල්වා...

 

සධීර සමරවික්‍රම...

 

කමිඳු මෙන්ඩිස්...

 

නූර් අහ්මඩ් කඩුල්ලක් ලබා...

 

දිනේෂ් චන්දිමාල් ...

 

මොහොමඩ් හාරිස්...

 

බිනුර ප්‍රනාන්දු...

 


අදහස් (0)

බී-ලව් කැන්ඩි එල්.පී.එල් කුසලාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.