Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව LPL 2023 මැතිව්ස් බී-ලව් කැන්ඩි පෙරමුණට කැඳවයි
අයි.පී.එල්. 2023

මැතිව්ස් බී-ලව් කැන්ඩි පෙරමුණට කැඳවයි

editorial - 2023 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පළපුරුද්දට ආදේශක නැත. කොහෙන් කොහොම ආවත් කඩුලු හෝ ලකුණු ලැබෙන්නේ නම්, ජයග්‍රහණය එතැන තිබේ.

බී-ලව් කැන්ඩි කණ්ඩායමේ මොහොමඩ් හාරිස් (81) හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවකුට ලකුණු 22 කට වඩා ලබාගත නොහැකි විය. එහෙත් විස්සයි-20 තරග 191 ක අත්දැකීම් ඇති ඇන්ජලෝ මැතිව්ස් පන්දු 8 ක් ඇතුළත ජැෆ්නා කිංග්ස් පිලේ හොඳම පිතිකරුවන් තිදෙනාම ආපසු ක්‍රීඩාගාරයට යැවූ බැවින්, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) එල්.පී.එල්. තරගයේදී ලකුණු 08 ක තියුණු ජයක් ලබාගත් බී-ලව් කැන්ඩි ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ අත්කර ගත්හ.

ඊයේ පැවැති තරගයෙන් පසුව දඹුල්ල අවුරා කණ්ඩායම (ශු.ල.වේ. 0.469) පසාද ලකුණු පුවරුවේ පෙරමුණේ සිටි නමුත්, බී-ලව් කැන්ඩි කණ්ඩායමේ ජයග්‍රහණයෙන් පසුව ඔවුන්ගේ ශුද්ධ ලකුණු වේගය 0.496 ක් විය. දෙපිලම තරග 6 කදී ප්‍රසාද ලකුණු 08 ක් ලබා සිටිති.

අද පස්වරුවේ පැවැති තරගයේදී කාසියේ වාසිය දිනාගත් බී-ලව් කැන්ඩි ක්‍රීඩකයන්ට තමන්ගේ තීරණය සිතූ තරම් වාසිදායක නොවීය. පාකිස්තානු ජාතික මොහොමඩ් හාරිස්, හතරේ පහර 10 ක් සහ හයේ පහර 2 ක් ද සමගින්, පන්දු 51 කින් ලකුණු 81ක් ලබාගත් නමුත් කැන්ඩි පිලේ වෙනත් කිසිම පිතිකරුවකුට ලකුණු 22 පසුකර යා නොහැකි විය. එසේ වුවත් ලබාගත් ලකුණු 178 ආරක්‍ෂා කරගැනීම සඳහා අපූරු තීරණයක් ගත් නායක වනිඳු හසරංග, පළමුවෙන්ම පන්දු යැවීම ඇන්ජලෝ මැතිව්ස්ට බාර කළේය.

ඕවර 3 ක් පමණක් යැවූ මැතිව්ස්ගේ පළමු ඕවරයේ අවසන් පන්දුවේදී ජැෆ්නා කිංග්ස් පිලේ භයානකම ප්‍රහාරකයා වන රමනුල්ලා ගුර්බාස් දැවී ගියේය. මැතිව්ස්ගේ දෙවැනි සහ තුන්වැනි ඕවර වල පළමු පන්දු දෙකේදීම නිශාන් මධුෂ්ක සහ චරිත් අසලංක දැවී ගිය බැවින්, ඕවර 4.1 කදී ජැෆ්නා ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 16 කට කඩුලු 3 ක් ලෙසිනි. මැතිව්ස් විසින් යවන ලද පන්දු 8 ක් ඇතුළත ජැෆ්නා කිංග්ස් පිලේ ප්‍රබලතම පිතිකරුවෝ තිදෙනාම ආපසු ක්‍රීඩාගාරයට ගියහ.

ෂොයිබ් මලික් (55), ක්‍රිස් ලින් (27) සහ තිසර පෙරේරා (36) ඉලක්කය කරා ආසන්න වීමට බලවත් උත්සාහයක් ගත්  නමුත් ලින් සහ තිසර පෙරේරා දෙදෙනාම නුවන් ප්‍රදීප්ට ගොදුරු විය.

ජැෆ්නා ජයග්‍රහණය සඳහා අවසන් ඕවර දෙකේදී ලකුණු 26 ක් අවශ්‍ය වූවත්, ෂොයිබ් මලික් සහ දුනිත් වෙල්ලාලගේ දෙදෙනාට ලබාගත හැකිවූයේ ලකුණු 17 ක් පමණි. මේ වන විට ලොව සිටින වඩාත්ම පළපුරුදු විස්සයි-20 පිතිකරුවා වන ෂොයිබ් මලික්  (තරග 513 කදී ලකුණු 12,657) තවත් අර්ධ ශතකයක් තම වාර්තා පොතට ඇතුළත් කරගත්තේය.


බී-ලව් කැන්ඩි - ඕවර 20 කදී 8ට 178 යි
(මොහොමඩ් හාරිස් 81, ෆකර් සමාන් 22, ඇන්ජලෝ මැතිව්ස් 22, වනිඳු හසරංග 19, නුවන් තුෂාර 31/3, දුනිත් වෙල්ලාලගේ 43/2, ඩිල්ෂාන් මධුශංක 31/2)

ජැෆ්නා කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 6 ට 170 යි
(ක්‍රිස් ලින් 27, ෂොයිබ් මලික් නොදැවී 55, ඩේවිඩ් මිලර් 24, තිසර පෙරේරා 36, ඇන්ජලෝ මැතිව්ස් 10/3, නුවන් ප්‍රදීප් 48/2)

 

ශොයිබ් මලික්...

 

නුවන් ප්‍රදීප් කඩුල්ලක් දවාගත් මොහොතක්...

 

දුනිත් වෙල්ලාලගේ...

 

මොහොමඩ් හාරිස්...

 

නුවන් තුෂාර සහ රහ්මනුල්ලා ගුර්බාස්...

 

තිසර පෙරේරා...


අදහස් (0)

මැතිව්ස් බී-ලව් කැන්ඩි පෙරමුණට කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.