Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව LPL 2023 වනිඳු යළිත් පිත්තෙන් පන්දුවෙන් වැඩ පෙන්වයි
අයි.පී.එල්. - 2023

වනිඳු යළිත් පිත්තෙන් පන්දුවෙන් වැඩ පෙන්වයි

editorial - 2023 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ලංකා ප්‍රිමියර් ලීග් (2023) තරගාවලියේ 12 වැනි තරගය ලෙස ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ බී-ලව් කැන්ඩි කණ්ඩායම අතර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 89 ක පහසු ජයක් වාර්තා කිරීමට බී-ලව් කැන්ඩි කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පතුළේ සිට පළමු ස්ථානය දක්වා ඉහළ නැගීමටද කැන්ඩි කණ්ඩායමට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 204 ක ඉලක්කයක් හඹාගිය ගෝල් කණ්ඩායමට වනිඳු හසරංග ප්‍රමුඛ කැන්ඩි පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 16.4 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 114 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිඳු ලකුණු 17 කට කඩුලු 4 ක් දවාගත් අතර නුවන් ප්‍රදීප් ලකුණු 21 කට කඩුලු 3 ක් බිඳහෙළීය. 

දඹුල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ළහිරු සමරකෝන් පන්දු 25 කින් ලකුණු 36 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගිනි. අතර ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ පන්දු 17 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 27 ක්ද, අෂාන් ප්‍රියන්ජන් පන්දු 23 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 25 ක්ද බැගින් රැස්කළහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 203 ක් ලබාගත්තේය. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ වනිඳු හසරංග පන්දු 27 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමග වේගවත් ලකුණු 64 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. එය මෙවර තරගාවලියේදී ක්‍රීඩකයකු ලබාගත් වේගවත්ම අර්ධ ශතකයද විය. 

ඇන්ජලෝ මැතිව්ස් (40) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී ලකුණු 87 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද වනිඳු සමත් වූ අතර පන්දු 23 කදී වාර්තා වූ මැතිව්ස්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය. ෆකාර් සමාන් පන්දු 35 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 45 ක්ද, දිනේෂ් චන්දිමාල් පන්දු 17 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 25 ක්ද රැස්කළහ. 

බී-ලව් කැන්ඩි පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 203 
(මොහොමඩ් හාරිස් 17, ෆකාර් සමාන් 45, දිනේෂ් චන්දිමාල් 25, ඇන්ජලෝ මැතිව්ස් 40, වනිඳු හසරංග 64, ළහිරු සමරකෝන් 31/2) 

ගෝල් ටයිටන්ස් පිල - ඕවර 16.4 කදී සියලු දෙනා දැවී 114 
(ලසිත් කෲස්පුල්ලේ 27, අෂාන් ප්‍රියන්ජන් 25, ළහිරු සමරකෝන් 36, වනිඳු හසරංග 17/4, නුවන් ප්‍රදීප් 21/3, මුජිබුර් රහමන් 26/2) 

දිනේෂ් චන්දිමාල් ...

 

ඇන්ජලෝ මැතිව්ස්...

 

ලසිත් කෘෘස්පුල්ලේ...

 

ළහිරු සමරකෝන්...

 

ෆකාර් සමාන්...


අදහස් (0)

වනිඳු යළිත් පිත්තෙන් පන්දුවෙන් වැඩ පෙන්වයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.