Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව LPL 2023 වෙල්ලාලගේ ජැෆ්නා කිංග්ස් දිනවයි
එල්.පී.එල් - 2023

වෙල්ලාලගේ ජැෆ්නා කිංග්ස් දිනවයි

editorial - 2023 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ලංකා ප්‍රිමියර් ලීග් (2023) තරගාවලියේ හත්වැනි තරගය ලෙස ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (4 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද ජැෆ්නා කණ්ඩායමට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 118 ක පහසු ඉලක්කයක් හඹාගිය ජැෆ්නා ක්‍රීඩකයෝ, ඕවර 12.4 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. පන්දු 23 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 44 ක් රැස්කළ තව්හිත් රිඩෝයි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් (54) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 83 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද රිඩෝයි සමත් විය. පන්දු 39 කදී වාර්තා වූ ගුර්බාස්ගේ ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 අන්තර්ගත විය. ජැෆ්නා ඉනිමේ බිඳවැටුණ කඩුලු 2 ටම හිමිකම් කීමට සකීබ් අල් හසන් සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට ගෝල් ටයිටන්ස් කණ්ඩායමට දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ ජැෆ්නා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 117 ක් පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වෙල්ලාලගේ සිය ඕවර 4 ලකුණු 10 කට සීමා කරමින් කඩුලු 4 ක් බිඳහෙළුවේය.

ගෝල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක දසුන් ශානක පන්දු 24 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 30 ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු ෂෙවෝන් ඩැනියෙල් පන්දු 25 කින් ලකුණු 25 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි. පන්දු 23 කට මුහුණදුන් ටිම් සෙයිෆට්ට හයේ පහරක් සමග ලබගත හැකි වූයේ ලකුණු 18 ක් පමණි.


ගෝල් ටයිටන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 117
(ෂෙවෝන් ඩැනියෙල් 25, ලසිත් කෲස්පුල්ලේ 19, ටිම් සෙයිෆට් 18, දසුන් ශානක 30, දුනිත් වෙල්ලාලගේ 10/4, නැන්ඩි්‍ර බගර් 15/2)

ජැෆ්නා කිංග්ස් පිල - ඕවර 12.4 කදී කඩුලු 2 කට 120
(රහ්මනුල්ලා ගුර්බාස් 54, තව්හිත් රිඩෝයි නොදැවී 44, සකීබ් අල් හසන් 31/2)


අදහස් (0)

වෙල්ලාලගේ ජැෆ්නා කිංග්ස් දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.