Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ 10 වැනි තරගය ලෙස කොළඹ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සමත් විය. දඹුල්ල කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ පලමු ජය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 186 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල ක්‍රීඩකයෝ ඕවර 17.5 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. පන්දු 50 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමග වේගවත් ලකුණු 80 ක් රැස්කළ කුසල් පෙරේරා දඹුල්ල කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය.
රීසා හෙන්ඩ්‍රික්ස් (54) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 88 කදී ලකුණු 154 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද කුසල් සමත් වූ අතර පන්දු 39 කදී ලබාගත් හෙන්ඩ්‍රික්ස්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය. මාක් චැප්මන් පන්දු 10 කින් නොදැවී ලකුණු 23 ක් රැස්කළේ හයේ පහර 3 ක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 185 ක් ලබාගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ග්ලේන් පිලිප්ස් පන්දු 36 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 52 ක් රැස්කරමින් කොළඹ ඉනිමේ අවසන් ඕවරය දක්වාම කඩුල්ලේ රැදී සිටියේය.
අවසන් ඕවර කිහිපයේදී පන්දු 12 කට මුහුණදුන් චාමික කරුණාරත්න හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 27 ක් රැස්කළේය. රහ්මනුල්ලා ගුර්බාස් (36) සහ ඇන්ජලෝ පෙරේරා (41) ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කොළඹ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.
පන්දු 28 කදී වාර්තා වූ ගුර්බාස්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින්ද, පන්දු 27 කදී වාර්තා වූ ඇන්ජලෝගේ ඉනිම හයේ පහරකින් සහ හතර් පහර 6 කින්ද සමන්විත විය. දඹුල්ල කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ නායක මොහොමඩ් නබී ලකුණු 20 කට කඩුලු 2 ක් දවාගත්තේය.
කොළඹ ස්ට්‍රයිකර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 185
(රහ්මනුල්ලා ගුර්බාස් 36, ඇන්ජලෝ පෙරේරා 41, ග්ලේන් පිලිප්ස් 52, චාමික කරුණාරත්න නොදැවී 27, මොහොමඩ් නබී 20/2)
දඹුල්ල සික්සර්ස් පිල - ඕවර 17.5 කදී කඩුලු 2 කට 188
(කුසල් පෙරේරා 80, රීසා හෙන්ඩ්‍රික්ස් 54, මාක් චැප්මන් නොදැවී 23, ටස්කින් අහමඩ් 45/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.