Last Update  :  2025-01-15 19:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව LPL 2024 ගාල්ල මාවල්ස් පිලට ග්‍රැහැම් ෆෝඞ් එක්වෙයි
එල්.පී.එල්. - 2024

ගාල්ල මාවල්ස් පිලට ග්‍රැහැම් ෆෝඞ් එක්වෙයි

editorial - 2024 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් 2014 ශ්‍රී ලංකා කණ්ඩායම නිර්මාණය කළ ග්‍රැහැම් ෆෝඞ් මහතා මෙවර එල්.පී.එල්. තරගාවලියේදී ගාල්ල ‘මාවල්ස්’ කණ්ඩායම සමගින් එක්ව සිටී. ෆෝඞ් මහතා ගාල්ල මාවල්ස් පිලේ ප්‍රධාන පුහුණුකරුවා වන අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු සහාය පුහුණුකරුවකු වන ඇන්ටන් රූක්ස් ගාල්ල මාවල්ස් පිලේ පන්දු රැකීමේ සහ පන්දු යැවීමේ පුහුණුකරුවා වශයෙන් එක්ව සිටී. 

ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් 2014 අප්‍රේල් මාසයේදී ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් සිටියේ පෝල් ෆාබ්‍රේස් මහතාය. 

එසේ වුවත් 2012 දී විස්සයි-20 ලෝක කුසලාන අවසන් මහ තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වූයේ ද ග්‍රැහැම් ෆෝඞ් මහතාය. 2012 ජනවාරි මාසයේ සිට 2013 දෙසැම්බර් මාසය දක්වාම ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වූ ෆෝඞ් මහතා, ලෝක කුසලාන තරගාවලියට මාස තුනක් තිබියදී ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය. ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර ඔහු කියා සිටියේ “ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානය (2014 දී) දිනාගැනීමට බැරි හේතුවක් මට පේන්න නෑ” යනුවෙනි. 

පසුගියදා නිමා වූ අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි-20 තරගාවලියේ ශූරතාව දිනාගත් එන්.සී.සී. කණ්ඩායමේ නායක නිරෝෂන් දික්වැල්ල මෙවර තරගාවලියේදී ගාල්ල මාවල්ස් කණ්ඩායමේ නායකත්වය දරයි. මෙවර තරගාවලියේදී ගාල්ල කණ්ඩායමේ පළමු තරගය හෙට (ජූලි 2) යාපනය කිංග්ස් කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

මහීෂ් තීක්‍ෂණ ගාල්ල මාවල්ස් කණ්ඩායමේ උපනායකයා වන අතර ටිම් සේෆර්ට්, ඇලෙක්ස් හේල්ස්, ඞ්වේන් ප්‍රිටෝරියස්, ෂෝන් විලියම්ස්, සහූර් ඛාන් සහ මුජිබුර් රහමන් ගාල්ල කණ්ඩායම නියෝජනය කරන විදේශීය ක්‍රීඩකයෝ වෙති. 

“තරඟාවලිය අතරතුර කණ්ඩායමේ දස්කම් ඉහළ පහළ යා හැකියි. නමුත් අපි සෑම කෙනෙකුගේම දක්ෂතා අගය කළ යුතු අතරම කණ්ඩායමක් ලෙස ඉදිරියට යා යුතුයි...”

“මේ තරග වාරයේදී අපට ඉතා හොඳ කණ්ඩායමක් සිටිනවා. අපි සියලු දෙනාම එකිනෙකාට සහයෝගය දෙමින් තරගාවලිය ජය ගැනීම මගේ බලාපොරොත්තුවයි” යයි නායක නිරෝෂන් දික්වැල්ල පැවසීය.


අදහස් (1)

ගාල්ල මාවල්ස් පිලට ග්‍රැහැම් ෆෝඞ් එක්වෙයි
  • Asintha Tuesday, 02 July 2024 10:44 AM

    ශුවර් එකටම ඊළඟ අපේ ප්‍රධාන පුහුණුකරු....

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.