Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ 20 වැනි තරගය ලෙස කොළඹ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (16 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත් විය. මෙම තරගය ජයගත්තද දඹුල්ල කණ්ඩායමට අවසන් වටයට සුදුසුකම් නොලබාම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 124 ක ඉලක්කයක් හඹාගිය කොළඹ කණ්ඩායමට නුවන් ප්‍රදීප් ප්රමුඛ දඹුල්ල පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 18.1 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 95 ක් පමණි. එහිදී ඕවර 2.1 ක යැවූ ප්‍රදීප් ලකුණු 20 කට කඩුලු 2 ක් දවාගත් අතර චමිඳු වික්‍රමසිංහ ලකුණු 16 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 123 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ බිනුර ප්‍රනාන්දු, නිලකුණු ඕවරයක් සමග ඕවර 4 ක් යවමින් ලකුණු 15 කට කඩුලු 3 ක් දවාගත්තේය.
දඹුල්ල කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා බිනුරට අනගි සහායක් දුන් දුනිත් වෙල්ලාලගේ සහ මතීෂ පතිරණ කඩුලු 2 බැගින් බිඳහෙළුෑහ. දඹුල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක මොහොමඩ් නබී පන්දු 33 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 40 ක් රැස්කළේය.
දඹුල්ල සික්සර්ස් පිල - ඕවර 20 කදී සියලු දෙනා දැවී 123
(නුවනිඳු ප්‍රනාන්දු 15, මොහොමඩ් නබී 40, චමිඳු වික්‍රමසිංහ 26, බිනුර ප්‍රනාන්දු 15/3, දුනිත් වෙල්ලාලගේ 18/2, මතීෂ පතිරණ 25/2)
කොළඹ ස්ට්‍රයිකර්ස් පිල - ඕවර 18.1 කදී සියලු දෙනා දැවී 95
(මුහම්මද් වසීම් 15, ග්ලේන් පිලිප්ස් 15, තිසර පෙරේරා 30, නුවන් ප්‍රදීප් 20/3, චමිඳු වික්‍රමසිංහ 16/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.