Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 17 වැනි තරගය ලෙස කොළඹ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ යාපනය කිංග්ස් කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත් විය. කොළඹ කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ තෙවැනි ජය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 110 ක පහසු ඉලක්කයක් හඹාගිය කොළඹ ක්‍රීඩකයෝ ඕවර 9.5 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 33 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 57 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.
පළමු කඩුල්ල ලෙස ඇන්ජලෝ පෙරේරා (16) දැවී යෑමෙන් අනතුරුව මුහම්මද් වසීම් (නොදැවී 35) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 87 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් ගුර්බාස් කොළඹ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 18 කට මුහුණදුන් වසීම් හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සැරසුවේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය කණ්ඩායමට ශදාබ් ඛාන් ප්‍රමුඛ කොළඹ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 109 ක් පමණි. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ශදාබ්, සිය ඕවර 4 ලකුණු 10 කට සීමා කරමින් කඩුලු 4 ක් බිඳහෙළුවේ යාපනය ඉනිම අඩ පණ කරමිනි.
යාපනය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ විජයකාන්ත් වියස්කාන්ත් පන්දු 34 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 25 ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 11 කින් ලකුණු 17 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි.
කොළඹ ස්ට්‍රයිකර්ස් පිල - ඕවර 9.5 කදී කඩුල්ලක් දැවී 112
(රහ්මනුල්ලා ගුර්බාස් නොදැවී 57, ඇන්ජලෝ පෙරේරා 16, මුහම්මද් වසීම් නොදැවී 35)
යාපනය කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 109
(කුසල් මෙන්ඩිස් 17, විජයකාන්ත් වියස්කාන්ත් නොදැවී 25, ඒෂාන් මාලිංග 15, ශදාබ් ඛාන් 10/4, බිනුර ප්‍රනාන්දු 24/2)
(ඡායාරූප - කුෂාන් පතිරාජ)
Ruwan De Silva Monday, 15 July 2024 06:59 PM
නුවරට මොකද වුනේ?
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.