Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ලෙස ගාල්ල මාවල්ස් කණ්ඩායම සහ යාපනය කිංග්ස් කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ ගාල්ල මාවල්ස් කණ්ඩායම කල් වේලා ඇතිවම අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේය.
මෙම තරගයෙන් පරාජයට පත්වුවද යාපනය කිංග්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසි නොවන අතර ඔවුන්ට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා තවත් අවස්ථාවක් හිමිවනු ඇත. ඒ සඳහා ඔවුන්, පිළිමළුන් පිටුදැකීමේ තරගය ජය ගන්නා කණ්ඩායම දෙවැනි අවසන් පූර්ව තරගයේදී පරාජය කළ යුතුව තිබේ.
ජයග්‍රහණය සඳහා ලකුණු 178 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල ක්‍රීඩකයෝ ඕවර 18 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. ලකුණු 70 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී පිටියේ එක්වූ ටිම් සෙයිෆට් (නොදැවී 62) සහ ජනිත් ලියනගේ (56) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 62 කදී ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ගාල්ල කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
එහිදී පන්දු 36 කට මුහුණදුන් ජනිත් හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 36 කට මුහුණදුන් සෙයිෆට්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 9 ක් අන්තර්ගත විය. නායක නිරෝෂන් දික්වැල්ල ලකුණු 9 කට දැවී ගියද, ගාල්ල කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ඇලෙක්ස් හේල්ස් පන්දු 21 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 36 ක් රැස්කළේය.ෙ
පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 177 ක් ලබාගත් අතර යාපනය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 33 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 52 ක් රැස්කළේය. මෙම අර්ධ ශතකයත් සමග තරග 9 කදී ලකුණු 363 ක් රැස්කරමින් මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමටද අවිෂ්ක සමත් විය.
මුලු ලකුණු සංඛ්‍යාව 11 ක්ව තිබියදී පැතුම් නිස්සංක ලකුණු 4 කට දැවී ගියද, රිලී රූසොව් (40) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කුසල් මෙන්ඩිස් (46) සමත් විය. පන්දු 39 කදී වාර්තා වූ කුසල්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 22 කදී වාර්තා වූ රූසොව්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.
රූසොව්ගේ දැවී යෑමෙන් අනතුරුව අවිෂ්ක සමග එක්වූ කුසල් තෙවැනි කඩුල්ල සඳහා පන්දු 36 කදී ලකුණු 45 ක් එක්කරමින් යාපනය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. ගාල්ල කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඩ්වේන් ප්‍රිටෝරියස් සිය ඕවර 4 ලකුණු 23 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගත් අතර ඔහුට අනගි සහායක් දුන් ඉසුරු උදාන ලකුණු 37 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය.
යාපනය කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 177
(කුසල් මෙන්ඩිස් 46, රිලී රූසොව් 40, අවිෂ්ක ප්‍රනාන්දු 52, ඩ්වේන් ප්‍රිටෝරියස් 23/4, ඉසුරු උදාන 37/2)
ගාල්ල මාවල්ස් පිල - ඕවර 18.1 කදී කඩුලු 3 කට 181
(ඇලෙක්ස් හේල්ස් 32, ටිම් සෙයිෆට් නොදැවී 62, ජනිත් ලියනගේ 56)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.