Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගෝල් මාවෙල්ස් සහ කළම්බු ස්ට්‍රයිකර්ස් අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ අද (03) රාත්‍රියේ පැවැති එල්.පී.එල්. ක්‍රිකට් තරගයෙන් ගෝල් මාවෙල්ස් පිල ලකුණු 7 ක තියුණු ජයක් ලැබීය.
කාසියේ වාසිය දිනාගත් කළම්බු ස්ට්‍රකර්ස් පිල මුලින්ම පන්දුවට පහර දීම සඳහා ගාල්ල මාවෙල්ස් පිලට ආරාධනා කළේය.
එහිදී මාවෙල්ස් පිල සිය ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 179ක් ලබාගත්තේය.
ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 18 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 3ක් සමග ලකුණු 50ක් ලබාගත්තේය.
ගෝල් මාවෙල්ස් පිලේ කඩුලු 6ක් ලකුණු 94කට දැවී ගිය මොහොතේ එක්වූ ඉසුරු උදාන (52) වෙනුවෙන් ලකුණු 79ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ.
හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමග පන්දු 34 කදී උදානගේ ලකුණු 52 වාර්තා විය.
කලම්බු ස්ට්‍රයිකර්ස් පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක සාදාබ් ඛාන් සිය ඕවර 4දී ලකුණු 21කට කඩුලු 4 ක් දවාගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 180ක ඉලක්කයක් කරාගිය කළම්බු ස්ට්‍රයිකර්ස් පිල ඕවර 20කදී කඩුලු 9ක් දැවී ලකුණු 172ක් ලබාගත්තේය.
දුනිත් වෙල්ලාලගේ පන්දු 26 කදී 4 පහර 5ක් සහ හයේ පහර 2ක් සමග වේගවත් ලකුණු 45ක් ලබාගත්තේය.
ගෝල් මාවෙල්ස් පිල ඕවර 20කදී කඩුලු 8 කට ලකුණු 179
(ඉසුරු උදාන 52, සහන් ආරච්චිගේ 35, නිරෝෂන් දික්වැල්ල 50, සාදාබ් ඛාන් 21/4, බිනුර ප්‍රනාන්දු 22/3)
කළම්බු ස්ට්‍රයිකර්ස් පිල ඕවර 20 කදී කඩුලු 9 කට ලකුණු 172
(රහ්මනුල්ලා ගුරුබාස් 29, ග්ලෙන් පිලිප්ස් 26, දුනිත් වෙල්ලාලගේ 45, මහීෂ් තීක්ෂණ 20/2, ඉසුරු උදාන 34/2, සහන් ආරච්චිගේ 21/2)
(ඡායාරූප - කුෂාන් පතිරාජ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.