Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව LPL 2024 යාපනය - ගාල්ල කරට කර ගමනක
එල්.පී.එල්. - 2024

යාපනය - ගාල්ල කරට කර ගමනක

editorial - 2024 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

එල්.පී.එල්. තරගාවලියේ මූලික වටයේ තරග 6 ක් අවසන් වන විට යාපනය ‘කිංග්ස්’ සහ ගාල්ල ‘මාවල්ස්’ කණ්ඩායම් කරට කර සිටිති. දෙපිලම තරග 3 කට බැගින් ක්‍රීඩා කරමින්, තරග දෙකක් ජයගෙන තරගයක් පරාජය වී ඇත. 

ශුද්ධ ලකුණු වේගය මත පමණක් යාපනය ‘කිංග්ස්’ ක්‍රීඩකයෝ ඉදිරියෙන් සිටිති. එහෙත් අද (6 වැනිදා) පස්වරු 3.00 ට ආරම්භ වන මහනුවර සහ කොළඹ කණ්ඩායම් අතර තරගයේ ජයග්‍රාහකයන්ටත් ගාල්ල සහ යාපනය කණ්ඩායම් අතරට පිවිසීමේ අවස්ථාව ඇති අතරම ශුද්ධ ලකුණු වේගය අනුව ප්‍රසාද ලකුණු පුවරුවේ ස්ථානය ද වෙන්කර ගත හැකිය. 

තරග දෙකකින් පසුව, ප්‍රසාද ලකුණකුදු නොමැතිව, පස්වැනි ස්ථානයට වැටී සිටින නමුත් අද (6 වැනිදා) රාත්‍රියේදී පැවැත්වෙන තරගයේදී යාපනය පිලට තර්ජනයක් විය හැකිනම්, දඹුල්ල සික්සර්ස් පිලට වුවත් වේලාසනින්ම තරගාවලියට පිවිසීමේ අවස්ථාව තිබේ. 

තරගාවලියේ මූලික වටය තරග 20 කින් සමන්විතය. තවත් තරග 14 ක් ඉතිරිව තිබේ. මෙම තරගාවලියට කණ්ඩායම් 5 ක් පමණක් සහභාගි වන බැවින් ද අවසන් වටය සඳහා කණ්ඩායම් 4 ක්ම තෝරාගනු ලබන බැවින් ද, ඉතාමත් දුර්වලව ක්‍රීඩා කළොත් මිස, අවසන් වටයට පිවිසීම විශාල අභියෝගයක් නොවේ. 


ප්‍රසාද ලකුණු පුවරුව


අදහස් (0)

යාපනය - ගාල්ල කරට කර ගමනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.