Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව LPL 2024 ලෝක කුසලාන කෙළිබිමෙන් 32 ක් කොළඹට
එල්.පී.එල්. - 2024

ලෝක කුසලාන කෙළිබිමෙන් 32 ක් කොළඹට

editorial - 2024 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතරේ සංචාරය කරමින් සිටි ක්‍රීඩකයෝ 32 ක් තවත් සතියක් යාමටත් මත්තෙන් ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා කොළඹට පැමිණෙමින් සිටිති. ඔවුන් අතුරින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 19 දෙනා  මේ වන විටත් පැමිණ සිටින අතර ඉතිරි 13 දෙනා ඉදිරි දින කිහිපයේදී කොළඹට පැමිණෙනු ඇත. 

එල්.පී.එල්. තරගාවලියට සහභාගි වන විදේශීය ක්‍රීඩකයන් අතුරින් වැඩිම සංඛ්‍යාවක් ඇෆ්ගනිස්තානය නියෝජනය කරති. ඔවුන් අතුරින් ඇෆ්ඝනිස්ථානු ආරම්භක පිතිකරු රාමනුල්ලා ගුර්බාස් කැපී පෙනෙනම ක්‍රීඩකයා බවට පත්ව සිටී. ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට කැඳවාගෙන ඒම සඳහා කැපී පෙනෙන මෙහෙවරක් කළ ගුර්බාස්, ඕස්ටේ්‍රලියාවට (60) සහ බංග්ලාදේශයට (40) එරෙහිව පිත්තෙන් හොඳ දස්කම් දැක්වීය. 

ඇෆ්ඝනිස්ථානයේ මුජිබුර් රහමන් ගාල්ල පිල නියෝජනය කරන අතර ඊබ්‍රහිම් සද්රාන් සහ මොහොමඞ් නබී, දඹුල්ල සික්සර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරති

ඇෆ්ඝනිස්තානය හැරුණු කොට බංග්ලාදේශය නියෝජනය කරමින් ටස්කින් අහමඞ්, මුස්ටෆිසූර් රෙහෙමාන් සහ තව්හිද් රිදෝයි තිදෙනාත් එල්.පී.එල් තරගාවලියට එති. එල්.පී.එල්. වෙන්දේසියේදී තව්හීද් රිදෝයි මිලදී ගැනීමට කිසිම කණ්ඩායමක් ඉදිරිපත් නොවුණද පසුව ඔහුගේ සේවය ලබා ගැනීමට දඹුල්ල සික්සර්ස් හිමිකරුවෝ තීරණය කළහ. 

නවසීලන්තයේ ග්ලෙන් පිලිප්ස් සහ මාක් චැප්මන් දෙදෙනාත්, පාකිස්තානු උප නායකයා වන ශදාබ් ඛාන් සහ දකුණු අප්‍රිකාවේ රීසා හෙන්රික්ස් පස්වැනි වතාවටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට පැමිණෙති. 

මේ ක්‍රීඩකයන් අතුරින් කිසිවකු මහනුවර (කැන්ඩි ෆෝල්කන්ස්) කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා නොකරයි. කෙසේ වෙතත් මහනුවර කණ්ඩායම ශ්‍රී ලංකාව නියෝජනය කළ දක්‍ෂතම ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් අතර ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයෝ පස් දෙනෙක්ම මහනුවර පිල නියෝජනය කරති. වත්මන් නායක වනිඳු හසරංග, හිටපු නායකයන් වන දසුන්, ශානක, ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් යන සිව්දෙනාත් මහනුවර පිල නියෝජනය කරති. 

- 213 


අදහස් (0)

ලෝක කුසලාන කෙළිබිමෙන් 32 ක් කොළඹට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.