Last Update  :  2024-11-24 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports අනුග‍්‍රාහකයන් නැතිව තරග කල්යයි

අනුග‍්‍රාහකයන් නැතිව තරග කල්යයි

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිවයිනේ ප‍්‍රධානතම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලි 3 ක් වන කැවල්රි සුපර්ක්‍රොස්, සීගිරිය රැළික්‍රොස් සහ වලව සුපර්ක්‍රොස් යන තරගාවලි විවිධ හේතූන් මත කල්දැමීමට එම තරගාවලි සංවිධානය කරන කී‍්‍රඩා සංගම් තීරණය කර තිබේ.

ඒ අතරින් ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය, ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නහ සන්නද්ධ බලකාය සමග එක්ව සංවිධානය කරන කැවල්රි සුපර්ක්‍රොස් තරගාවලිය දින නියමයකින් තොරව කල්දමා තිබේ.

ඉකුත් වසර වලදී පැවැති කැවල්රි සුපර්ක්‍රොස් තරගාවලිය සම්බන්ධයෙන් අර්බුද රැසක් උද්ගත වීම එම තරගාවලිය කල් දැමීමට හේතු වී ඇතැයි වාර්තා වේ. ඒ අනුව එම තත්ත්වය සම්බන්ධයෙන් මේ දින වලදී විමර්ශනයක් සිදුකෙරෙමින් පවතින බවත් එම විමර්ශනයේ ප‍්‍රතිඵල නිකුත් වන තෙක් තරගාවලිය නොපැවැත්වීමට සංවිධාකයන් පියවර ගෙන ඇති බවත් දැනගන්නට ලැබේ.

ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා මවු සංගමය විසින් නිකුත්කරන ලද මේ වසරේ (2015) මෝටර් රථ තරගාවලි කාලසටහනට අනුව කැවල්රි සුපර්ක්‍රොස් තරගාවලිය මේ මස 14 වැනිදා පැවැත්වීමට නියමිතව තිබිණ.

එම කාලසටහනට අනුව මැයි මස 17 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ සීගිරිය රැළික්‍රොස් තරගාවලිය අගෝස්තු මස 2 වැනිදා දක්වාද, ජූනි මස 7 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ වලව සුපර්ක්‍රොස් තරගාවලිය අගෝස්තු මස 16 වැනිදා දක්වාද කල්දැමීමට සංවිධාකයන් කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්ව සීගිරිය රැළික්‍රොස් තරගාවලිය සංවිධානය කරන අතර ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය, ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ති‍්‍රක ඉංජිනේරු රෙජිමේන්තුව සමග එක්ව වලව සුපර්ක්‍රොස් තරගාවලිය සංවිධානය කරයි.

පෙර වසර වලදී මෙම තරගාවලි සඳහා අනුග‍්‍රහය දක්වන ලද ආයතන සහ සමාගම්, මේ වසරේදී ඒ සඳහා ඉදිරිපත් වීමට පසුබට වීම මෙලෙස තරගාවලි කල්දැමීමට හේතු වී ඇති බවට වාර්තා වේ.

 


අදහස් (0)

අනුග‍්‍රාහකයන් නැතිව තරග කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.