Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සීගිරිය රැළි ක්‍රොස් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස පිට පිටම තෙවැනි වරටත් සම්මාන දිනාගැනීමට ගැනීමට අශාන් සිල්වා සමත් වෙද්දී, පළමු වරට එම තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගනීමට ෂෙහාන් සී. අධිකාරි සමත් විය.
සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදී 7 වැනි වරටත් පැවැති මෙම තරගාවලියේ මෝටර් රථ අංශයේ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට ඩිලාන් සෙනෙවිරත්න සහ සජාඞ් සුහේර් නියෝජනය කළ ඊසි රේසිං කණ්ඩායම සමත් විය. ඉෂාන් දසනායක සහ ඉවෝන් බී. ගුරුසිංහ නියෝජනය කළ ටී. වී. එස්. කණ්ඩායම තරගාවලියේ යතුරුපැදි අංශයේ කණ්ඩායම් ශූරතාව දිනාගත්තේය.
ප්‍රධානතම මෝටර් රථ ඉසව්ව වූ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ තරග දෙකේදීම අනිකුත් තරගකරුවන්ට තමා පසුකර යාමට කිසිදු අවස්ථාවක් නොදුන් අශාන් සිල්වා එම තරග දෙකම විශිෂ්ට ලෙස ජයගනිමින් මෙම තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරාට හිමි සම්මානය තවත් වසරක් සඳහා තමන් සතුකර ගත්තේය.
මෙම තරග දෙකේදීම දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා සෙසු තරගකරුවන් අතර ඉතා තියුණු තරගයක් පැවැත්විණ. එහිදී පළමු තරගයේ දෙවැනි ස්ථානය ඩිලාන් සෙනෙවිරත්නටද, තෙවැනි ස්ථානය පසිඳු පීරිස්ටද හිමිවූ අතර දෙවැනි තරගයේ දෙවැනි ස්ථානය ජනක ඩයස්ටද, තෙවැනි ස්ථානය ටිරෝන් හෙන්ඳාවිතාරණටද හිමිවිය.
ඉකුත් මාසයේදී පැවැති ‘ගනර් සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනා සිටි අරවින්ද පේ‍්‍රමදාසට මෙම තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට නොහැකි විය. කාල ගණනයේදී දෙවැනි හොඳම කාලයට හිමිකම් කීමට අරවින්ද සමත්වී තිබුණද බර මැනීමේදී සිය මෝටර් රථයේ බර, නියමිත ප්‍රමාණයට වඩා අඩුවීම නිසා ඔහුට තරගකරුවන් 11 දෙනෙක් අතරින් අවසන් ස්ථානයේ සිට තරග ආරම්භ කිරීමට සිදුවිය.
ඉෂාන් දසනායක සමග කළ ද්වන්ධ සටනකින් අනතුරුව එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ පළමු තරගය ජයගත් ෂෙහාන් සී. අධිකාරි, දෙවැනි තරගයේදී ජැක් ගුණවර්ධනට පමණක් දෙවැනි වෙමින් පළමු වරට ‘සීගිරිය රැලි ක්‍රොස්’ තරගාවලියක දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගත්තේය.
පළමු තරගයේදී වරන් වර පෙරමුණ හුවමාරු කරගනිමින් ෂෙහාන්ට දැඩි පීඩනයක් එල්ල කළ ඉෂාන් දසනායක එහි දෙවැනි ස්ථානයට පත්වූ අතර පළමු තරගයේ තෙවැනි ස්ථානයට පත්වූ ජැක් ගුණවර්ධන, දෙවැනි තරගයේදී ඉෂාන්ව මෙන්ම ෂෙහාන්වද පසුකර ඉදිරියට ඇදෙමින් එම තරගය ජයගැනීමට සමත් විය.
කෙසේ වෙතත් ඉකුත් වසරේ පැවැති ‘සීගිරිය රැලි ක්‍රොස්’ තරගාවලියේදී දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනා සිටි ඉන්දීය ජාතික කේ. පී. අරවින්ද්ට මෙවර තරගාවලියේදී පළමු තරගයේ සිව්වැනි ස්ථානයෙන් සහ දෙවැනි තරගයේ තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
එස්. එම්. කාණ්ඩයේ සුපිරි යතුරුපැදි (සි. ධා. 250 සිට 750 දක්වා) ඉසව්වේ පළමු තරගය ජය ගැනීමට ඉමාල් මංචනායක සමත් වූ අතර දෙවැනි තරගය ජයගැනීමට සචිර රාජකරුණා සමත් විය. මෙහිදී දෙවැනි සුපිරි යතුරුපැදි තරගය ආරම්භ වීමට පෙර ධාවන පථයට වතුර යෙදීමට සංවිධායකයන් කටයුතු කිරීම නිසා පළමු තරගය ජයගත් ඉමාල් මංචනායකද ඇතුළුව තරගකරුවන් කිහිපදෙනෙක් ධාවන පථය මත ඇද වැටුණ අයුරු දැකගත හැකිවිය.
ධාවන පථයට වතුර යොදන අවස්ථාවලින් පසුව මෝටර් රථ තරගයක් පවත්වා ඉන් අනතුරුව යතුරුපැදි තරග පැවැත්වීම සාමාන්‍ය සිරිත වුවත් මෙම තරගාවලියේදී එසේ කිරීමට සංවිධායකයන් පියවර නොහැනීම නිසා වෙනදාට වඩා වැඩියෙන් යතුරුපැදිකරුවන් අනතුරුවලට ලක්වූ අවස්ථා වාර්තා විය.
තවද මෙහිදී එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) වයස අවුරුදු 16 න් පහළ මොටොක්‍රොස් යතුරුපැදි, එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං මොටොක්‍රොස් සන්නද්ධ සේවා යතුරුපැදි සහ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි තරග ඉසව්වල වට සංඛ්‍යාව 3 ක් දක්වා අඩු කිරීමට සංවිධායකයන් පියවර ගෙන තිබීමද බෙහෝ දෙනාගේ විවේචනයට ලක්විය.
කළකට පසු ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ තරගය ජයගැනීමට ඉෂ්රාක් වහබ් සමත් විය. එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ ඉසව්වේ පළමු තරගයේ (සි. ධා. 1300 දක්වා) ජය උපුල්වන් සේරසිංහ සතුවූ අතර දෙවැනි තරගයේ (සි. ධා. 1500 දක්වා) ජය කුෂාන් පීරිස් සතුවිය.
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ ඉසව්වේ පළමු තරගය සහ එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය ජයගනිමින් මෝටර් රථ අංශයේ ද්විත්ව ජයග්‍රහණයකට හිමිකම් කීමට සජාඞ් සුහේර් සමත් වූ අතර ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (ස්ටී්රට් ටේ්රල්) ඉසව්වේ තරග දෙකම ජයගනිමින් යතුරුපැදි අංශයේ ද්විත්ව ජයග්‍රහණයකට හිමිකම් කීමට ඉවෝන් බී. ගුරුසිංහ සමත් විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ලංකා බැංකුව කටයුතු කළ අතර හොණ්ඩා, ඊටෙල් යන සමාගම් සහ මහජන බැංකුව තරගාවලියේ සම අනුග්රහකයන් ලෙස කටයුතු කළහ.
තරග ප්‍රතිඵල
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 16 න් පහළ)
1 බිනුල කිතලගම (හොණ්ඩා සී. ආර්. 85)
2 රිග්වෙත් බාබුජී (හොණ්ඩා සී. ආර්. එෆ්. 85)
3 විනුෂ්ක සිල්වා (හොණ්ඩා සී. ආර්. එෆ්. 85)
එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) සන්නද්ධ සේවා යතුරුපැදි (ස්ටී්රට් ටේ්රල්)
1 නිහල් විජේරත්න (කවසාකි කේ. ඞී. එකස්. 125)
2 මධුර පීරිස් (කවසාකි කේ. ඞී. එකස්. 125)
3 රනෙල් සංදීප (කවසාකි කේ. ඞී. එකස්. 125)
ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) යතුරුපැදි (වයස අවුරුදු 10 න් පහළ)
1 නිම්න අභිෂේක් (යමහා පී. ඩබ්ලිව්. 50)
2 දේමිත් ජයවර්ධන (යමහා පී. ඩබ්ලිව්. 50)
3 සසේක රත්නායක (යමහා පී. ඩබ්ලිව්. 50)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං මොටොක්‍රොස් සන්නද්ධ සේවා යතුරුපැදි
1 බුද්ධික සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)
2 මිතුන් ජයසංක සිගේරා (යමහා වයි. ඉසෙඞ්. 125)
3 උහාන් රංජිත් සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
2 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1300)
3 තාරුක රත්නායක (ෆෝඞ් ලේසර් 1300)
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි පළමු තරගය (ස්ටී්රට් ටේ්රල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
3 ශානුක සඳරුවන් (හොණ්ඩා. සී. ආර්. එෆ්. එක්ස්. 250)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ පළමු තරගය
1 සජාඞ් සුහේර් (හොන්ඩා ඊ. ජී. VI1600)
2 උපුල්වන් සේරසිංහ (හොන්ඩා ඊ. ජී.VI 1600)
3 ලක්මාල් විජේරත්න (හොන්ඩා ඊ. ජී. VI 1600)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි
1 ඉෂාන් දසනායක (යමහා වයි. ඉසෙඞ්. 125)
2 බුද්ධික සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)
3 මිතුන් ජයසංක සිගේරා (යමහා වයි. ඉසෙඞ්. 125)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ
1 මාලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගාසි 2200)
2 ශිරාන් ඩූල් (සුබාරු ලෙගාසි 2200)
3 ටිරෝන් හෙන්ඳාවිතාරණ (සුබාරු ලෙගාසි 2200)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ පළමු තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 ඩිලාන් සෙනෙවිරත්න (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 පසිඳු පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) යතුරුපැදි (වයස අවුරුදු 13 න් පහළ)
1 කේසර ගොඩගේ (කේ. ටී. එම්. 85)
2 ඞී. එම්. ඞී. කල්හාර (යමහා වයි. ඉසෙඞ්. 85)
3 ලක්දිනු ගුණසේකර (යමහා වයි. ඉසෙඞ්. 85)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි පළමු තරගය
1 ෂෙහාන් සී. අධිකාරි (හොන්ඩා සී. ආර්. එෆ්. 250)
2 ඉෂාන් දසනායක (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
3 ජැක් ගුණවර්ධන (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ
1 සජාඞ් සුහේර් (හොණ්ඩා සිවික් 1500)
2 කුෂාන් පීරිස් (හොණ්ඩා සිවික් 1500)
3 මිස්සක නවීන් (හොණ්ඩා සිවික් 1500)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 750 දක්වා)සුපිරි යතුරුපැදි පළමු තරගය
1 ඉමාල් මංචනායක (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 ආනන්ද සම්පත් වීරසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)
3 සචිර රාජකරුණා (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි දෙවැනි තරගය (ස්ටී්රට් ටේ්රල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 ශානුක සඳරුවන් (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
3 ආර්. එම්. සෆ්රාස් (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1500)
2 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1500)
3 චමින්ද වීරසූරිය (ෆෝඞ් ලේසර් 1500)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 750 දක්වා) සුපිරි යතුරුපැදි දෙවැනි තරගය
1 සචිර රාජකරුණා (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
2 ආනන්ද සම්පත් වීරසිංහ (හොන්ඩා සී. ආර්. එෆ්. 450)
3 ඉමාල් මංචනායක (හොන්ඩා සී. ආර්. එෆ්. 450)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය
1 දමිත් වීරසිංහ (හොන්ඩා ඊ. ජී. VI1600)
2 ලක්මාල් විජේරත්න (හොන්ඩා ඊ. ජී. VI 1600)
3 උපුල්වන් සේරසිංහ (හොන්ඩා ඊ. ජී.VI 1600)
ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ
1 ඉෂ්රාක් වහබ් (මිට්සුබිශී එවොලූෂන් 3500)
2 බුද්ධික රුක්ලන්ත (මිට්සුබිශී පෙජරෝ 2800)
3 මංජුල විජේසූරිය (මිට්සුබිශී පෙජරෝ 3000)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 ජනක ඩයස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 ටිරෝන් හෙන්ඳාවිතාරණ (මිට්සුබිෂී එවොලූෂන් 2000)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය
1 ජැක් ගුණවර්ධන (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
2 ෂෙහාන් සී. අධිකාරි (හොන්ඩා සී. ආර්. එෆ්. 250)
3 කේ. පී. අරවින්ද් (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
ඡායාරූප - ශානුක අරවින්ද
සීගිරිය රැලි ක්‍රොස් තරගාවලියේ තවත් ඡායාරූප...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.