Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports උඩවලව ධාවන පථයටත් නියගයේ බලපෑම

උඩවලව ධාවන පථයටත් නියගයේ බලපෑම

දිලිනි මල්රුක්ෂි - 2014 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ධාවන පථයේ දක්නට ලැබූ දැඩි දූවිළි සහිත බව නිසා මෝටර් රථ මෙන්ම යතුරුපැදි අනතුරුද ඉතා බහුළව සිදුවූ අතර එවැනි තත්ත්වයක් තිබියදීත් ධාවන පථයට වතුර යෙදීමට සංවිධාකයන් පියවර ගත්තේ එක් වරක් පමණි.

ධාවන පථය දූවිල්ළෙන් වැසීයෑම නිසා පසුපසින් එන තරගකරුවන්ට ඉදිරිය නොපෙනී  යෑම අනතුරු වලට ප‍්‍රධානම හේතුව විය. එම නිසා අනතුරු වලට ලක්වූ තරකරුවන් රැසක් ධාවන ප‍්‍රථය තුළදීම තරග සංවිධායකයන්ට දොස් පවරන අයුරු දැකගත හැකිවිය.

තරගාවලිය අතරතුර සිදුවූ අනතුරු ප‍්‍රමාණයෙන් 75% ක් පමණ ධාවන පථයේ හටගෙන තබූ දූවිළි වළාවන් නිසා සිදුවූ අතර තවත් වරක් හෝ දෙවරක් ධාවන පථයට වතුර යෙදුවා නම් එම අනතුරු වලින් 50% ක් පමණ වලක්වා ගැනීමට ඉඩකඩ තිබූ බව වැඩිදෙනාගේ මතය විය.


අදහස් (0)

උඩවලව ධාවන පථයටත් නියගයේ බලපෑම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.