Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියක් වන ‘ගනර්ස් සුපර්ක්‍රොස්’ තරගාවලියට පෙර මෙතෙක් පැවති තරගාවලිවලදී දැක්වූ දක්ෂතා වලට අනුව අශාන් සිල්වා (ප‍්‍රසාද ලකුණු 41) මෝටර් රථ අංශයේ පෙරමුණේ පසුවන අතර අරවින්ද පේ‍්‍රමදාස සහ ඉෂ්රාක් වහබ් පිළිවෙළින් ලකුණු 38 සහ ලකුණු 34 ක් ලබාගෙන අශාන් සිල්වාට පසුපසින් රැදී සිටිති.
මෝටර් ක්‍රොස් තරග ප‍්‍රසාද ලකුණු සටහනට අනුව ෂෙහාන් සී. අධිකාරි (ලකුණු 49) යතුරුපැදි අංශයේ පෙරමුණේ පසුවන අතර ගයාන් සඳරුවන් සහ කේ. පී. අරවින්ද් පිළිවෙළින් ලකුණු 45 ක් සහ ලකුණු 36 බැගින් ලබාගෙන එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන වල රැදීසිටිති.
සියැට් - ස්ලාඩා ශූරතාව සඳහා මේ වසරේදී පැවැත්වෙන සිව්වැනි තරගාවලිය මෙය වන අතර වාර්ෂික ශූරතාව සඳහා සලකා බැලෙන තරග වලින් ඉතිරිව ඇත්තේ දෙකක් පමණි. ඒ අනුව වසරේ දක්‍ෂතම රියැදුරා සහ දක්ෂතම මෝටර් ක්‍රොස් ධාවකයා වීම සඳහා දැනට ඉදිරියෙන් සිටින කී‍්‍රඩකයන්ට ‘ගනර්ස් සුපර් ක්‍රොස්’ තරගාවලිය තීරණාත්මක කඩයිමක් වී තිබේ.
පසුගිය වසරේ පැවති ‘ගනර්ස් සුපර් ක්‍රොස්’ තරගාවලියේදී දක්ෂතම යතුරුපැදිකරුවා සහ දක්ෂතම මෝටර් රථ ධාවකයා ලෙස ශූරතා දිනාගත් ගයාන් සඳරුවන්ට සහ අරවින්ද පේ‍්‍රමදාසට මේ වසරේදී තම ශූරතා රැකගැනීමට අනිකුත් තරගකරුවන්ගෙන් ප‍්‍රබල අභියෝගයක් එල්ලවී තිබේ.
ඒ අනුව පසුගිය වසරේ දක්ෂතම මෝටර් රථ ධාවකයා බවට පත්වූ අරවින්ද පේ‍්‍රමදාසට මෙවර තම ශූරතාවය රැකගැනීම සඳහා අශාන් සිල්වා, පසිඳු පීරිස්, දිනේෂ් දෙහෙරගොඩ, ඉශ්රාක් වහබ් සහ ජනක ඩයස් වැනි වැනි ප‍්‍රබල තරග කරුවන් සමග කරට කර තරගයක නිරතවීමට සිදුවනු ඇත.
මෙම තරගාවලියේ ඉකුත් වසරේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වූ ගයාන් සඳරුවන්ට අභියෝග කිරීමට ෂෙහාන් සී. අධිකාරි, ඉෂාන් දසනායක, සමීර පේ‍්‍රමරත්න, දේෂාන් සොලංකි සහ රුමීෂ බුල්ජන්ට්ස් වැනි තරගකරුවෝ සූදානමින් සිටිති.
ඉන්දීය යතුරුපැදිකරුවන් යුගලයක් වන කේ. පී. අරවින්ද් සහ හරිත් නෝවාද මෙවර තරගාවලිය සඳහා තම සහභාගීත්වය තහවුරු කර තිබීමද ගයාන්ට හිසරදයක් වනු නොඅනුමානය.
තරගාවලියේ ප‍්‍රධානම ඉසව් වන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ තරග 2 සහ එම්. එක්ස්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 125 සිට 250 දක්වා) යතුරුපැදි තරග 2 ද සමගින් ඉසව් 24 කින් මෙවර තරගාවලිය සමන්විත වේ. දිවයිනේ සිටින ප‍්‍රමුඛ පෙළේ මෝටර් රථ ධාවකයන් සහ යතුරුපැදිකරුවන් ඇතුලූ තරගකරුවන් 150 කට අධික ප‍්‍රමාණයක් මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව 9 වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස සිංගර් සමාගම කටයුතු කරන අතර සියැට් සමාගම එහි සම අනුග‍්‍රහකයා ලෙස කටයුතු කරයි.
තරගාවලිය අගෝස්තු මස 03 වැනිදා උදෑසන 9.00 සිට මින්නේරිය, කාලතුවක්කු හමුදා පරිශ‍්‍රය තුල පිහිටි මෝටර් රථ ධාවන පථයේදී පැවැත්වේ.
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.