Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports ඩිලන්ත ජී.ටී.-4 ශූරතාවලියේ සිව්වැනි තැනට

ඩිලන්ත ජී.ටී.-4 ශූරතාවලියේ සිව්වැනි තැනට

editorial - 2024 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී. කපිල)

ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඉතාලියේ පැවති ජී.ටී.- 4 මෝටර් රථ ධාවන තරගයට සහභාගි වීමෙන් පසුව අද (22 වැනිදා) යළ දිවයිනට පැමිණියේය. ඉතාලියේ මිසෑනෝ ධාවන පථයේදී පැවැති මෙම තරගයේදී වට 30 ක් පැය 1 යි, විනාඩි 3.28 කින් අවසන් කළ ඩිලන්ත මෙම තරගයේදී 23 වැනි ස්ථානයට පත්විය. 

එහෙත් ජී.ටී.-4 යුරෝපා මෝටර් රථ ශූරතාවලියේ රියැදුරන් ශ්‍රේණිගත කිරීම් අනුව ඩිලන්ත මෙන්ම ඔහුගේ සහාය රියැදුරා වන ඇමරිකානු ජාතික ඇන්ඩෘ කැන්ටු දෙදෙනාම, තරග 4 කට පසුව, ප්‍රසාද ලකුණු 45 ක් හිමිකරගනිමින්, ශූරතාවලියේ සිව්වැනි ස්ථානයේ සිටිති. 

පසුගිය 18 වැනිදා මිසෑනෝ ධාවන පථයේදී පැවැති පළමු තරගයේදී ඩිලන්ත 2 වැනි ස්ථානයේ සිටි නමුත් සිදුවූ අනතුරක් හේතුවෙන් තරග වට 9 ක් සම්පූර්ණ කළ නොහැකි විය. එබැවින් ප්‍රසාද ලකුණු අහිමි විය. 

ගුවන් තොටුපොළේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ඩිලන්ත මාලගමුව කීවේ  මෙම තරගාවලිය සදහා සහභාගී වූ එකම ශ්‍රී ලාංකිකයා මෙන්ම එකම ආසියාතිකයා ද වූයේ තමන් බවයි. මෙම තරගාවලිය සඳහා මෝටර් රථ රියැදුරන් 37 ක් සහභාගි වූහ. ඔවුන් වැඩි පිරිසක් යුරෝපීය සහ ඇමෙරිකානු මහාද්වීප නියෝජනය කරන්නෝ වූහ. 

සම්පූර්ණ තරගාවලිය සඳහා මෝටර් රථ තරග 12 ක් ඇතුළත් වන අතර දැනට පවත්වා ඇත්තේ තරග 4 ක් පමණි. සෑම තරගයකදීම රියැදුරන් ලබාගන්නා ස්ථානය අනුව ප්‍රසාද ලකුණු පිරිනැමීමෙන්, වසර අවසානයේ මෙම ලෝක ශූරතා තරගාවලියේ ජයග්‍රාහකයන් තෝරා ගැනීමට නියමිතය. 


අදහස් (0)

ඩිලන්ත ජී.ටී.-4 ශූරතාවලියේ සිව්වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.