Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports මේ වසරේ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලි 21 ක්

මේ වසරේ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලි 21 ක්

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෝටර් රථ කී‍්‍රඩා දින දර්ශනය මේ වසරේ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලි 21 කින් සමන්විත වේ. ඉන් තරගාවලි 6 ක් මේ වන විට නිමාවට පත්වී ඇති අතර තවත් තරගාවලි 15 ක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

ජනවාරි මස 19 වැනිදා වව්නියාවේදී පැවැති වව්නියාව කලාප තරගාවලියෙන් ආරම්භවූ මෙම තරග මාලාව ඔක්තෝම්බර් මස 26 වැනිදා පන්නලදී පැවැත්වීමට නියමිත ස්පීඞ් ශූරතාවලියේ දෙවැනි අදියරින් නිමාවට පත්වේ.

මෙම තරගාවලි අතරින් පැරණිතම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය වන නරියා කන්ද සුපර්ක්‍රොස් තරගාවලිය, 22 වැනි වරටත් අපේ‍්‍රල් මස 19 වැනිදා දියතලාව නරියා කන්දේදී පැවැත්වේ. ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය සහ ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය සමග එක්ව එය සංවිධානය කරයි.

දකුණු මෝටර් රථ කී‍්‍රඩා සමාජය සංවිධානය කළ දිවයිනේ තවත් පැරණිතම තරගාවලියක් වන එලියකන්ද කඳු තරණය තරගාවලියේ 19 වැනි අදියර පෙබරවාරි 22 වැනිදා මාතරදී නිමාවට පත්විය.

තවද ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා දින දර්ශනයේ ප‍්‍රධානතම තරගාවලියක් වන කොළඹ රාතී‍්‍ර මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මේ වසරේදී නොපැවැත්වීමට බොහෝදුරට ඉඩ තිබේ. ඊට හේතුවී තිබෙන්නේ එම තරගාවලිය පවත්වන කාලසීමාව තුළ කොළඹ කොටුව අවට හටගන්නා දැඩි වාහන තදබදයයි.

 

දිනය

තරගාවලිය

ස්ථානය

ජනවාරි 19

වව්නියාව කලාප තරගාවලිය

වව්නියාව

පෙබරවාරි 02

කටුකුරුන්ද කලාප තරගාවලිය

කටුකුරුන්ද

පෙබරවාරි 09

සීතාවක කඳු තරණය තරගාවලිය

සීතාවක

පෙබරවාරි 22

එළියකන්ද කඳු තරණය තරගාවලිය

මාතර

පෙබරවාරි 23

ගාලූ මොටෝක්‍රෙස් තරගාවලිය

ගාල්ල

පෙබරවාරි 30

තිස්සමහාරාම සුපර්ක්‍රොස් තරගාවලිය

තිස්සමහාරාම

මාර්තු 23

සීගිරිය රැළික්‍රොස් තරගාවලිය

සීගිරිය

මාර්තු 30

විජයබා සුපර්ක්‍රොස් තරගාවලිය

බෝයගනේ

අපේ‍්‍රල් 6

මාගස්තොට කඳු තරණය තරගාවලිය

මාගස්තොට

අපේ‍්‍රල් 16

නුවරඑළිය ලේක්ක්‍රොස් තරගාවලිය

නුවරඑළිය

අපේ‍්‍රල් 19

නරියා කන්ද සුපර්ක්‍රොස් තරගාවලිය

දියතලාව

අපේ‍්‍රල් 20

නුවර එළිය මාර්ග තරගාවලිය

නුවරඑළිය

මැයි 04

වැලිසර සුපර්ක්‍රොස් පළමු තරගාවලිය

වැලිසර

ජූනි 08

කැවල්රි සුපර්ක්‍රොස් තරගාවලිය

පාන්ගොල්ල

ජූනි 29

ස්පීඞ් ශූරතාවලිය (පළමු අදියර)

පන්නල

ජූලි 13

ගනර් සුපර්ක්‍රොස් තරගාවලිය

මින්නේරිය

අගෝස්තු 10

වලව සුපර්ක්‍රොස් තරගාවලිය

උඩවලව

අගෝස්තු 31

ගජබා සුපර්ක්‍රොස් තරගාවලිය

සාලියපුර

සැප්තැම්බර් 14

වැලිසර සුපර්ක්‍රොස් දෙවැනි තරගාවලිය

වැලිසර

සැප්තැම්බර් 28

රොදර්හැම් කලාප තරගාවලිය

කටුකුරුන්ද

ඔක්තෝම්බර් 26

ස්පීඞ් ශූරතාවලිය (දෙවැනි අදියර)

පන්නල

 


අදහස් (0)

මේ වසරේ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලි 21 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.