Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා යතුරුපැදි සමාජය, මීගමුව මෝටර් ක්රීඩා සමාජය සහ නුවරඑළිය ක්රීඩා සමාජය එක්ව සංවිධානය කරන ‘කයිජි සුපර් ස්ටාර් 2014’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ පළමු අදියර අනිද්දා (25) මීරිගම කැන්වේ ඔටෝඩ්රෝම් ධාවන පථයේදී පැවැත්වේ.
මෙම තරගාවලියේ දෙවැනි අදියර ඔක්තෝබර් මස 19 වැනිදා ද, තෙවැනි සහ අවසන් අදියර දෙසැම්බර් මස 7 වැනිදා ද, පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ශ්රී ලංකා යතුරුපැදි ක්රීඩාවට නවකයන් හදුන්වාදීමේ මූලික අරමුණ ඇතිව සංවිධානය කරන මෙම තරගාවලියට යතුරුපැදි 125 සී.සී. සහ 180 සී.සී. ආධුනික තරග දෙකක් ඇතුළත්කර තිබේ. මෙම ඉසව් දෙක තරගාවලියක් ලෙස පවත්වන අතර අදියර තුනේ දක්ෂතාව අනුව සමස්ත ශූරතාව පිරිනැමේ.
සංවිධායක මණ්ඩල සාමාජික ෂේන් ගුණවර්ධන මහතා පැවසුවේ වසර ගණනාවක සිට යතුරුපැදි ඉසව්වලදී එකම පිරිසක් දැකිය හැකි වීම නිසා නවකයන්ට අවස්ථාව දීමට වෙනුවෙන් මෙම තරගාවලිය සංවිධානය කරන බවයි.
මෙම තරගාවලියට මෝටර් රථ ඉසව් හයක් සහ යතුරුපැදි ඉසව් 14 ක් ඇතුළත්ව වන අතර තරගාවලියට සහභාගි වීමට නම් ශ්රී ලංකා යතුරුපැදි සමාජයේ විශේෂ බලපත්රයක් ලබාගත යුතුය. මෙම තරගාවලියේ ප්රධාන අනුග්රහකයා ලෙස ලීඩර් ඔටෝමෝබයිල් සමාගම කටයුතු කරයි.
ඡයාරූපය : ලීඩර් ඔටෝමෝබයිල් සමාගමේ සභාපති මොහාන් කුරේ මහතා අනුග්රහකය නිල වශයෙන් ප්රදානය කළ අවස්ථාව.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.