Last Update  :  2024-11-24 19:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports වසර 15 ක කෙටි ඉතිහාසය

වසර 15 ක කෙටි ඉතිහාසය

ශනුක අරවින්ද - 2015 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 11 වැනිදා දක්වා සැමොවා දූපත්හිදී පැවැත්වෙන 5 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් කී‍්‍රඩා උළෙලේදී කී‍්‍රඩා 9 ක රන් පදක්කම් 107 ක් සඳහා වයස අවුරුදු 14 ත්, 18 ත් අතර කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 1000 ක් පමණ තරග වදිති.

මෙම තරගාවලියේදී මේ වන විටත් රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත්ව සිටිති.

මෙම කී‍්‍රඩා උළෙල සඳහා ජල කී‍්‍රඩා, දුන්නෙන් විදීම, මලල කී‍්‍රඩා, බොක්සිං, සත් සාමාජික රග්බි, ස්කොෂ්, ටෙනිස්, බර ඉසිලීම සහ ලෝන් බෝල් යන කී‍්‍රඩා පැවැත්වේ.

මෙම තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 8 දෙනෙකුගෙන් සහ නිලධාරීන් 5 දෙනෙකුගෙන් සමන්විත වේ. ස්කොෂ් ජාතික ශූරී මිහිලියා මෙත්සරණි කණ්ඩායමේ නායකත්වය දරන අතර අනෝමා රත්නායක මහත්මිය කණ්ඩායම් භාර නිලධාරිණිය ලෙස කටයුතු කරන්නීය.

ධම්මික රණතුංග (උස පැනීම), යමානි දුලාංජලී (මීටර 400 කඩුලූ පැන දිවීම සහ මීටර 400),  මනුක රාජපක්‍ෂ (මීටර 400 කඩුලූ පැන දිවීම), පූර්ණිමා කල්පනී (දුර පැනීම), බෙවිෂාන් විජේවික‍්‍රම (බර ඉසිලීම - කි.ග‍්‍රෑ. 77), ශ්‍රීමාලි සමරකෝන් (බර ඉසිලීම - කි.ග‍්‍රෑ. 48) සහ ඉසුරු සේනාධීර (බර ඉසිලීම - කි.ග‍්‍රෑ. 85)  කණ්ඩායමට ඇතුළත්ව සිටින සෙසු කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ වෙති.

ඔවුන් අතුරින් ධම්මික රණතුංග (උස පැනීම) සහ ශ්‍රීමාලි සමරකෝන් (බර ඉසිලීම - කි.ග‍්‍රෑ. 48) දෙදෙනා රිදී පදක්කම් දිනාගැනීමට සමත් වූ අතර මිහිලියා මෙත්සරණි ස්කොෂ් තරගාවලියේදී කාන්තා කේවල ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත්තාය.

2000 - එඩින්බරෝ
පළමු පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් කී‍්‍රඩා උළෙල 2000 වසරේ අගෝස්තු මස 10 වැනිදා සිට 14 වැනිදා දක්වා ස්කොට්ලන්තයේ එඩින්බරෝ නගරයේදී පැවැති අතර එහි ශූරතාව රන් පදක්කම් 36 ක් දිනාගත් එංගලන්තය සතුවිය. එම තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගී නොවීය.

2004 - බෙන්ඩිගෝ
දෙවැනි තරගාවලිය 2004 වසරේ නොවැම්බර් 30 වැනිදා සිට දෙසැම්බර් 3 වැනිදා දක්වා  ඕස්ටේ‍්‍රලියාවේ බෙන්ඩිගෝ නරගයේදී පැවැති අතර රන් පදක්කම් 58 ක් දිනාගත් සත්කාරක  ඕස්ටේ‍්‍රලියාව එහි ශූරතාවට හිමිකම් කීවේය. එහිදී බර ඉසිලීමේ ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාවේ රනිල් ජයතිලක කිලෝ ග‍්‍රෑම් 105 බර පංතියේ රන් පදක්කම දිනාගැනීමට සමත් විය.

2008 - පූනේ
තෙවැනි තරගාවලිය 2008 වසරේ ඔක්තෝබර් 12 වැනිදා සිට 18 වැනිදා දක්වා ඉන්දියාවේ පූනේ නරගයේදී පැවැති අතර සත්කාරක ඉන්දියාව එහි ශූරතාවට හිමිකම් කීවේ රන් පදක්කම් 33 කට හිමිකම් කියමිනි.

එම තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2 ක් දිනා දීමට මීටර් 100 සහ මීටර් 200 ඉසව් නියෝජනය කළ ෂෙහාන් අඹේපිටිය සමත් වූ අතර ඔහු තරග කළ මීටර 100-4 සහය දිවීමේ කණ්ඩායමද එම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේය.

2011 - මෑන් දිවයින (එක්සත් රාජධානිය)
2011 වසරේ සැප්තැම්බර් 7 වැනිදා සිට 13 වැනිදා දක්වා මෑන් දිවයිනේදී පැවැති සිව්වැනි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට එංගලන්තය සමත් වූ අතර එහිදී ඔවුන් හිමිකරගත් රන් පදක්කම් සංඛ්‍යාව 37 කි.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා මීටර් 400 ඉසව්වේ රදී පදක්කමක් දිනා ගැනීමට ශිවන්ති කුමාරි සමත් වූ අතර කාන්තා යුගළ බැඞ්මින්ටන් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා සමත් වූහ.


අදහස් (0)

වසර 15 ක කෙටි ඉතිහාසය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.