Last Update  :  2024-11-24 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports ශී‍්‍ර ලංකාවේ පළමු ඔලිම්පික් වෛද්‍යවරයා

ශී‍්‍ර ලංකාවේ පළමු ඔලිම්පික් වෛද්‍යවරයා

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ඔලිම්පික් වෛද්‍ය සභාවේ නව වැඩසටහනක් වන ක‍්‍රීඩා වෛද්‍යවරුන්ගේ පශ්චාත් උපාධි පාඨමාලාව සමත් වූ පළමු ශී‍්‍ර ලාංකික වෛද්‍යවරයා වීමට කරාපිටිය මහ රෝහලේ ක‍්‍රීඩා වෛද්‍ය ඒකකයේ අංශ ප‍්‍රධානී වෛද්‍ය හිමාන් ද සිල්වා මහතා සමත්ව සිටියි.

රටවල් 44 ක වෛද්‍යවරුන් 44 දෙනකු මෙම උපාධි පාඨමාලාව සඳහා සුදුසුකම් ලබා සිටි අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෛද්‍ය හිමාන් ද සිල්වා මහතා ඊට සහභාගි විය.

ක‍්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ වසර දෙකක න්‍යායාත්මක සහ සායනික පුුුුහුණුව අවසානයේ ඔලිම්පික් වෛද්‍ය සභාව විසින් මෙම උපාධි පාඨමාලාවේ අවසන් විභාගය දකුණු අප‍්‍රිකාවේ පි‍්‍රටෝරියා විශ්ව විද්‍යාලයේදී පසුගිය අපේ‍්‍රල් මස පවත්වන ලදී.

මෙම සාමාර්ථය සමඟ ‘ඔලිම්පික් ක‍්‍රීඩා වෛද්‍ය’ යන නිලනාමය භාවිතා කිරීමේ නීත්‍යානූකූල අවසරයද  ජාත්‍යන්තර ඔලිම්පික් වෛද්‍ය සභාව විසින් වෛද්‍ය හිමාන් ද සිල්වා මහතාට පිරිනමා තිබේ.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ වෛද්‍ය ප‍්‍රධානී  මහාචාර්ය ලාස් එන් බස්ටීන් සහ මහාචාර්ය රෝන් මෝගන් යන මහත්වරුන් ශ‍්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට ඒ බව ලිඛිතව දන්වා තිබේ.

වෛද්‍ය හිමාන් ද සිල්වා මහතා මෙම පාඨමාලාවේදී දැක්වූ සුවිශේෂි දක්ෂතා අගැයිමක් ලෙස ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩා වෛද්‍ය විද්‍යාව ප‍්‍රචලිත කිරීමට අරමුදල් ලබාදීමට ද අන්තර්ජාතික ඔලිම්පික් වෛද්‍ය සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.  

පාසල් සිසුන් සඳහා ක‍්‍රීඩා වෛද්‍ය යෝග්‍යතා සහතික ලබාදීමේ ජාතික වැඩසටහනට වෛද්‍යවරුන් පුහුණු කිරීමේ කැඳවුම්කරු සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ක‍්‍රීඩා වෛද්‍යවරුන් ජාත්‍යන්තර වශයෙන් පුහුණු කිරීමේ වැඩසටහනේ කැඳවුම්කරු ලෙස ද, වෛද්‍ය හිමාන් ද සිල්වා මහතා කටයුතු කරයි.


අදහස් (0)

ශී‍්‍ර ලංකාවේ පළමු ඔලිම්පික් වෛද්‍යවරයා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.