Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සියැට්-ස්ලාඩා ශූරතා සඳහා පැවැත්වෙන මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලි 6 න් 3 ක් අවසන් වනවිට යතුරුපැදි අංශයෙන් ෂෙහාන් සී. අධිකාරිද (ලකුණු 49), මෝටර් රථ අංශයෙන් අශාන් සිල්වාද (ලකුණු 41) ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටිති.
යොවුන් යතුරුපැදි ධාවක ෂෙහාන් සී. අධිකාරි, සීගිරි රැලි ක්‍රොස් තරගාවලියේදී හයවැනි ස්ථානයක් සහ ප්‍රථම ස්ථානයක්ද, ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් තරගාවලියේදී ප්‍රථම ස්ථානයක් සහ තෙවැනි ස්ථානයක්ද, කැවල්රි සුපර් ක්‍රොස් තරගාවලියේදී ප්‍රථම ස්ථාන දෙකක්ද දිනාගනිමින් මෙම ලකුණු 49 රැස්කරගෙන ඇත.
කැවල්රි සුපර් ක්‍රොස් තරගාවලියේ පැවැති සිලින්ඩර ධාරිතාව 175 සිට 250 දක්වා මොටෝක්‍රොස් යතුරුපැදි තරග දෙකම ජය ගනිමින් දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමත් සමග ෂෙහාන් සී. අධිකාරි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේය.
ඉකුත් වසරේ යතුරුපැදි ජාතික ශූර ගයාන් සඳරුවන් සහ ඉන්දීය කී‍්‍රඩක කේ. පී. අරවින්ද් පිළිවෙළින් ලකුණු 45 ක් සහ ලකුණු 36 ක් බැගින් ලබාගෙන ෂෙහාන්ට දැඩි අභියෝගයක් එල්ල කරමින් සිටිති.
සීගිරි රැලි ක්‍රොස් තරගාවලියේදී සහ කැවල්රි සුපර් ක්‍රොස් තරගාවලියේදී ප්‍රථම ස්ථාන දෙක බැගින් දිනාගෙන එම තරගාවලි දෙකේම දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීමට අශාන් සිල්වා සමත්වී ඇත. කෙසේ වුවත් ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් තරගාවලියේදී සිය මෝටර් රථයේ ඇතිවූ කාර්මික දෝෂයක් නිසා අශාන්ට තමන් සහභාගී වූ පළමු තරගයෙන්ම ඉවත්වීමට සිදුවිය.
ප්‍රවීණ මෝටර් රථ රියැදුරු අරවින්ද පේ‍්‍රමදාස සහ ඉෂ්රාක් වහබ් පිළිවෙළින් ලකුණු 38 සහ ලකුණු 34 ක් ලබාගෙන අශාන් සිල්වාට පසුපසින් රැදී සිටිති.
සියැට් සමාගමේ ප්‍රධාන අනුග්‍රහය සමගින් ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය සංවිධානය කරන මෙම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලි 6 න් සීගිරි රැලි ක්‍රොස්, ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් සහ කැවල්රි සුපර් ක්‍රොස් යන තරගාවලි 3 මේ වන විට අවසන්වී තිබේ.
මෙම තරග මාලාවට සහභාගී වන මෝටර් රථ රියැදුරන්ට සහ යතුරුපැදිකරුවන්ට සියැට්-ස්ලාඩා ශූරතා සඳහා ලකුණු රැුස්කිරීමට ඉතිරිව ඇත්තේ ගනර්ස් සුපර් ක්‍රොස්, ගජබා සුපර් ක්‍රොස් සහ කටුකුරුන්ද රොදහැම් යන තරගාවලි 3 පමණි.
එම තරගාවලි 3 න් මුලින්ම පැවැත්වෙන තරගාවලිය වන ගනර්ස් සුපර් ක්‍රොස් තරගාවලිය අගෝස්තු මස 3 වැනිදා පැවැත්වීමට නියමිතය.
එම්. එක්ස්. කාණ්ඩයේ සි. ධා. 175 සිට 250 දක්වා යතුරුපැදි | |||
ස්ථානය | ක්‍රීඩකයා | යතුරුපැදිය | ප්‍රසාද ලකුණු |
1 | ෂෙහාන් සී. අධිකාරි | හොණ්ඩා සී. ආර්. එෆ්. | 49 |
2 | ගයාන් ස|රුවන් | හොණ්ඩා සී. ආර්. එෆ්. | 45 |
3 | කේ. පී. අරවින්ද් | ටී. වී. එස්. ආර්. ටී. ආර්. | 36 |
4 | ජැක් ගුණවර්ධන | හොණ්ඩා සී. ආර්. එෆ්. | 22 |
5 | හරිත් නෝවා | ටී. වී. එස්. ආර්. ටී. ආර්. | 15 |
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ සි. ධා. 3500 දක්වා මෝටර් රථ | |||
ස්ථානය | ක්‍රීඩකයා | මෝටර් රථය | ප්‍රසාද ලකුණු |
1 | අශාන් සිල්වා | මිට්සුබිෂී එවොලූෂන් | 41 |
2 | අරවින්ද ප්‍රේමදාස | මිට්සුබිෂී එවොලූෂන් | 38 |
3 | ඉෂ්රාක් වහබ් | සුබාරු ඉම්ප්රෙසා | 34 |
4 | දිනේෂ් දෙහෙරගොඩ | මිට්සුබිෂී එවොලූෂන් | 33 |
5 | උෂාන් පෙරේරා | මිට්සුබිෂී එවොලූෂන් | 28 |
(ඡායාරූප - ශානුක අරවින්ද)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.