Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යුද හමුදා ඉංජිනේරු බලකාය සහ ෆෝ වීල් රියදුරු සංගමය එක්ව තුන් වැනි වරටත් සංවිධානය කරන ‘2013 සැපර්ස් 4 X 4 පිම්පෝ’ සිව් සක අභියෝග මෝටර් රථ තරගාවලිය අවසන් අදියර මේ මස 13 වැනිදා ඇඹිලිපිටියේ තුංකම පිහිටි යුද හමුදා ඉංජිනේරු පාසල් භූමියේදී පැවැත්වේ.
මෙවර තරගාවලියේදී සාමාන්‍ය, සාමාන්‍ය නවීකරණය කරන ලද, සිලින්ඩර ධාරිතාව 3000 ට අඩු, සිලින්ඩර ධාරිතාව 3000 ට වැඩි සහ උපරිම යන කාණ්ඩ 5 යටතේ තරග පැවැත්වෙන අතර ඒ සඳහා දෙස් විදෙස් කණ්ඩායම් 20 ක් සහභාගීවීමට නියමිතය. දේශීය කණ්ඩායම් 14 ක්ද, ඉන්දියාව, ඕස්ටේ්රලියාව සහ ඉන්දුනීසියාව ඇතුළු විදේශීය කණ්ඩායම් 6 ක්ද මෙම කණ්ඩායම් 20ට අයත්වේ.
සුදුසුකම් ලබාගැනීමේ මූලික තරග අදියර කිහිපය තොප්පිගල, පානම සහ කුඩාඔය හිදී මේ මස 5 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වේ.
යුද හමුදා ඉංජිනේරු පාසලේ මෝටර් රථ ධාවන පථය, ස්වභාවක පරිසරයේ ඇති විවිධ රළු ස්වභාවය උසුලන පරිදි බාධක සහිතව ඉදිකොට ඇත. මෙහි ප්‍රධානතම ලක්ෂණය වනුයේ අටේ (8) ඉලක්කමේ හැඩයට, ඉහළින් සහ පහළින් ගමන් කරන ආකාරය දිස්වන අයුරින් තනා තිබීමයි. මෙම අටේ ඉලක්කමේ හැඩය ගත් ධාවන පථයේ හමුදා පාලමකට සමාන ‘කම්පැක්ට් 200’ පාලමක් ද ඉදිකර ඇත. ධාවන පථය ඔස්සේ ධාවනයේ යෙදෙන ධාවකයනට විවිධ බාධක හමුවන අතර, ප්‍රධාන වශයෙන්ම මේවා අසම භූමියේ සන්ධි ඇතිවන අයුරින් තනා ඇති බාධක වේ. මෙමගින් කණ්ඩායම ගුරුත්වාකර්ෂණ බලයෙන් එල්ල වන අභියෝග මැඩපවත්වා ගන්නා අයුරු ද පරික්ෂාවට ලක් කෙරේ.
ඉක්පසුව ධාවකයිනට හමුවන්නේ ඪ හැඩයට හාරන ලද මංතීරුවයි, වැලි වලවල් තරණය, කදු නැඟීම හා ජල බාධකය මෙවන් තරගයකදී ජයගතයුතු අනිකුත් අභියෝග වෙයි.
ස්විඩිෂ් ටේඩින් සමාගම, තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන අතර එහි විශේෂ අනුග්‍රහය වී. වී. කරුණාරත්න සමාගම, සෙනොක්, සිංගර්, සියැට්, කැලණි හෝල්ඩිංග්ස්, ඞීමෝ යන සමාගම් සහ ආයතන විසින් දරනු ලබයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.