Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව පස්වැනි වරටත් සංවිධානය කරන ‘කැවල්රි සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ජූනි මස 8 වැනිදා උදෑසන 9.00 සිට කුරුණෑගල, පාන්ගොල්ල යුද හමුදා ධාවන පථයේදී පැවැත්වේ.
සියැට් - ස්ලාඩා ශූරතාව සඳහා වන තරගද ඇතුළත්ව තරග ඉසව් 23 කින් සමන්විත වන මෙවර තරගාවලියට යතුරු පැදි ධාවකයන් සහ මෝටර් රියදුරන් 200 කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතය.
තිස් අවුරුදු යුද්ධයේදී ජීවිතක්ෂයට පත්වූ සහ විවිධ ආබාධයන්ට ගොදුරුවූ සන්නහ සන්නද්ධ බලකායේ සෙබළුන්ගේ සුභසාධන කටයුතු සඳහා ප්‍රතිපාදන එක්රැස්කිරීම මෙම තරගාවලිය සංවිධානය කිරීමේ ප්‍රධාන අරමුණයි.
සියැට් කැළණි සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන අතර විජය පුවත්පත් සමාගම තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග්රහකයා වශයෙන් කටයුතු කරයි.
සියැට්-කැළණි සමාගමේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂක ශෙවාන් ජයසූරිය මහතා, සන්නහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතාට අනුග්‍රාහක චෙක්පත පිරිනැමූ අවස්ථාව.....
ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.