Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ගාලූ මුවදොර පිටිය සහ කොළඹ කොටුව ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් පැවති කොළඹ රාත්‍රී මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ මෝටර් රථ තරග වලින් ආශාන් සිල්වාද, යතුරුපැදි තරග වලදී ශි‍්‍රයාන් සැමුවේල්ස්ද වැඩි ගෞරව දිනාගත්හ.
මෝටර් රථ අංශයේ වඩාත්ම තරගකාරී ඉසව්වවූ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) සුපිරි මෝටර් රථ තරගය ජය ගැනීමට අශාන් සිල්වා සමත්වූයේ අරවින්ද පේ‍්‍රමදාස, ජනක ඩයස්, ඩිලාන් සෙනෙවිරත්න සහ මිස්සක නවීන් වැනි එම ඉසව්වේ ප්‍රබල තරගකරුවන් පසුපසට ඇද දමමිනි. ආරම්යේ සිටම තරගයේ පෙරමුණ ගැනීමට සමත්වූ අශාන්, තරගය අවසන් වන තෙක්ම අන් කිසිදු තරගකරුවෙකුට තමා පසුකර යෑමට ඉඩ නොතැබීය.
ඉකුත් වසරේ පැවති තරගාවලියේදී සුපිරි යතුරුපැදි ජයග්‍රහණ තුනක් වාර්තා කරමින්, නරඹන්නන්ගේ වැඩි අවධානයක් දිනාගත් යතුරුපැදි ධාවකයාවූ ශි‍්‍රයාන් සැමුවෙල්ස්, මෙවර තරගාවලියේදීද පැවැති එකම සුපිරි යතුරුපැදි (සි. ධා. 250 ට වැඩි) තරගය ජය ගත්තේ මධුරංග කල්දේරා සමඟ කළ තියුණු තරගයකින් අනතුරුවය. වරින් වර එකිනෙකා පසුකර යමින්, තරගයේ පෙරමුණ හුවමාරු කරගනිමින් නරඹන්නන් කුල්මත් කිරීමට මෙම යතුරුපැදිකරුවෝ දෙදෙනා සමත්වූහ.
ගියවර පැවැති වේගවත්ම මෝටර් රථ ඉසව්ව වූ ජීටී 3 - ජීටී 4 කාණ්ඩයේ මෝටර් රථ තරගය ඉතා විශිෂ්ට ලෙස ජයගත් ඩිලන්ත මාලගමුව මෙවර තරගාවලියේ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) සුපිරි මෝටර් රථ තරගයට සහභාගීවූ නමුත් තරගය අතරතුර ඔහුගේ මෝටර් රථයේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් ඔහුට තරගය අවසන් කිරීමට නොහැකිවිය.
දෙවැනි යතුරුපැදි තරගයවූ සුපර් මෝටාඞ් විවෘත තරග ඉසව්ව ආරම්යේ සිටම ඉතාමත් වේගවත් මෙන්ම තියුණු තරගයක් විය. එහි මුල් වට කිහිපය අවසන් වන තෙක්ම ඉදිරිය රැකගෙන ගමන්කළ සුරාජ් පෙරේරා, තරගයේ අවසන් වටයේදී ඉතාමත් අවාසනාවන්ත ලෙස පසුබෑමකට ලක්විය. ඒ හේතුවෙන් මුල් වට කිහිපය පුරාම සුරාජ් පසුපසින් ගමන්කළ නෙඞ් ඩැනියෙල් තරගය ජයගත් අතර මේ වසරේ සුපර් මෝටාඞ් ජාතික ශූරයාවූ තුසිත ගුණසේකරට හිමිවූයේ එහි දෙවැනි ස්ථානයයි.
එස්. එල්. එස්. කාණ්ඩයේ විශේෂ (සි. ධා. 1500) මෝටර් රථ තරගය ජයගත් සජාඞ් සුහේර් සහ ඩිලාන් සෙනෙවිරත්න අතර එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600) මෝටර් රථ තරගයේ ජයග්‍රහණය සඳහාද තියුණු තරගයක් පැවති අතර දෙනොගේ මෝටර් රථ දෙක එකිනෙක ගෑවී නොගෑවී මෙන් ගමන්කිරීම, නරඹන්නන් භීතියට මෙන්ම උද්දාමයට පත්කිරීමටද හේතුවිය.
කෙසේවුවත් තරග නිමාවට වට කිහිපයක් ඉතිරිව තිබියදී ඔවුන් දෙදෙනාගේ මෝටර් රථ දෙක එකිනෙක ගැටීම නිසා ඔවුන් දෙදෙනාට පසුපසින් පැමිණි නදීර ජිනසේන සහ දමිත් වීරසිංහ ඔවුන් පසුකර යමින් පළමු වැනියා සහ දෙවැනියා ලෙසින් තරගය නිමාකළහ. ආරම්යේ සිටම උද්වේගකර තරග විලාශයක් පෙන්නුම් කළ ඩිලාන් සෙනෙවිරත්නට සහ සජාඞ් සුහේර්ට අවසානයේ හිමිවූයේ තරගයේ තෙවැනි සහ සිව්වැනි ස්ථානයි.
ෆෝමියුලා මෝටර් රථ තරගය, ෆෝමියුලා මැක්ලරන්ස් සි.ධා. 1300 (කාබියුරේටර් සහිත) සහ ෆෝමියුලා මැක්ලරන්ස් 4 සි.ධා. 1300 (ඉන්ධන විද්‍යුත් විසිරණ- ඊ. එෆ්. අයි.) ලෙස කාණ්ඩ 2 ක් යටතේ පැවති අතර එය ජය ගැනීමට ක්ලෙමෙන්ට් සෙනෙවිරත්න සමත්වූයේය.
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500) සුපිරි මෝටර් රථ තරගය ආරම්භයේදී කෞෂාල් සමරසිංහගේ සහ තරිඳු ලොකුගේගේ මෝටර් රථ දෙක අනතුරකට ලක්වීම නිසා එම තරගය අතරමැද නවතා දෙවැනි වරටද ආරම්භ කිරීමට සිදුවිය.
තරගය පුරාම වර්ෂාව ඇද හැලීම නිසා තරගකරුවන්ට බාධා ඇතිවූ අතර ධාවන පථය තෙත සහිත වීම නිසා ලිස්සායාමේ ප්රවනතාවය වැඩිවී ඇතැම් තරගකරුවන් අනතුරු වලට ලක්වන අයුරුද දක්නට ලැබිණ.
ආර්. බී. 9 ෆෝමියුලා 1 මෝටර් රථය ඩැනියෙල් රිකාඩෝ විසින් පැදයන අයුරු දැකගැනීමට නරඹන්නන්ට මෙහිදී අවස්ථාව ලැබිණ. රිකාඩෝ තරගාවලිය අතරතුර ප්‍රදර්ශන ධාවන වට කිහිපයක නිරතවූ අතර එය පැමිණ සිටි නරඹන්නන්ට වඩාත් ආශ්වාදජනක අත්දැකීමක් විය.
කාල්ටන් මෝටර් රථ කී‍්‍රඩා සමාජය සහ ආසියානු මෝටර් රථ රේසිං සමාජය, ශ්‍රී ලංකා රේසිං මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයන්ගේ සංගමය සමග එක්ව තුන්වැනි වරටත් මෙම තරගාවලිය සංවිධානය කළේය.
එස්. එල්. එස් කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය
1 සජාඞ් සුහේර් (හොණ්ඩා ඊ. කේ. 9)
2 දමිත් අබේරත්න (හොණ්ඩා සිවික්)
3 කුෂාන් පීරිස් (හොණ්ඩා සිවික්)
එස්. එල්. එච් කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ තරගය
1 නදීර ජිනසේන (හොණ්ඩා සිවික්)
2 දමිත් වීරසිංහ (හොණ්ඩා ඊ. ජී. 6)
3 ඩිලාන් සෙනෙවිරත්න (හොණ්ඩා ඊ ආර්. 11)
සුපර් මෝටාර්ඞ් විවෘත යතුරුපැදි තරගය (4 ස්ට්‍රොක්)
1 නෙඞ් ඩැනියෙල් (යමහා වයි. ඉසෙඞ්.)
2 තුසිත ගුණසේකර (හොණ්ඩා සී. ආර. එෆ්.)
3 ආනන්ද සම්පත් (හොණ්ඩා සී. ආර. එෆ්.)
ෆෝමියුලා මැක්ලරන්ස් (සි. ධා. 1300 දක්වා කාබියුරේටර් සහිත) සහ ෆෝමියුලා මැක්ලරන්ස් 4 (සි. ධා. 1300 දක්වා ඉන්ධන විද්‍යුත් විසිරණ - ඊ. එෆ්. අයි.) මෝටර් රථ තරගය
1 ක්ලෙමෙන්ට් ගුණවර්ධන (ෆෝමියුලා මැක්ලරන්ස් 4 - ඊ. එෆ්. අයි.)
2 නයිජල් පෙරේරා (ෆෝමියුලා මැක්ලරන්ස් 4 - ඊ. එෆ්. අයි.)
3 සුසන්ත ගුණවර්ධන (ෆෝමියුලා මැක්ලරන්ස් 4 - ඊ. එෆ්. අයි.)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500) සුපිරි මෝටර් රථ තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිශී එවොලූෂන් 3)
2 ජනක ඩයස් (සුබාරු ඩබ්ලිව්. ආර්. එක්ස්.)
3 අභිත් දංගල්ල (මිට්සුබිශී එවොලූෂන්)
සුපිරි යතුරුපැදි (සි. ධා. 250 ට වැඩි) විවෘත තරගය
1 ශි‍්‍රයාන් සැමුවෙල් (යමහා ආර්. 6)
2 මධුරංග කල්දේරා (යමහා ආර්. 6)
3 පූර්ණක ප්‍රසාද් (හොණ්ඩා සී. බී. ආර්.)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.