Last Update  :  2024-11-24 16:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports අශාන් - ශොයෙල් කළුතරදී අණසක පතුරති

අශාන් - ශොයෙල් කළුතරදී අණසක පතුරති

ශනුක අරවින්ද - 2015 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පසුගිය ඉරිදා පැවැති 9 වැනි ‘රොදර්හැම්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ශොයෙල් ඩැනියෙල්ද, දක්ෂතම රියැදුරා ලෙස අශාන් සිල්වාද සම්මාන දිනාගත්හ.

විටෙක ලතික ශාමල් සමගද, තවත් විටෙක ශි‍්‍රයන්ත අනුරාධ සමගද කරට කර තරග වැදුණ  ශොයෙල් ඩැනියෙල්, තමන් සහභාගී වූ තරග තුනෙන්ම ජය ලබමින් මෙවර තරගාවලියේ වැඩිම පේ‍්‍රක්ෂක අවධානයක් දිනාගත් කී‍්‍රඩකයා බවට පත්විය.

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 175 සිට 250 දක්වා) යතුරුපැදි තරගය, ‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 600 දක්වා) යතුරුපැදි තරගය සහ ‘එම්’ කාණ්ඩයේ නවීකරණය කරන ලද (සි. ධා. 250 ට වැඩි) යතුරුපැදි විවෘත තරගය ශොයෙල් ජයගත් තරග 3 විය.

කෙසේ වුවත් ඉකුත් වසරේ පැවැති තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත් වූ මධුරංග කල්දේරාට මෙවර තරගාවලියේදී සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි විය. මෙවර තරග 3 කට සහභාගි වුවත්, එහිදී ඔහුට ලබාගත හැකිවූයේ එක් තරගයක තෙවැනි ස්ථානයක් පමණි.

වසර පහකට පසුව නැවතත් ‘රොදර්හැම්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීමට අශාන් සිල්වා සමත්වූයේ එහි වේගවත්ම මෝටර් රථ ඉසව්ව වන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ තරග දෙකේදී පිළිවෙලින් දෙවැනි ස්ථානයක් සහ පළමු ස්ථානයක් ලබාගනිමිනි. මින් පෙර ඔහු ‘රොදර්හැම්’ තරගාවලියක දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට ඇත්තේ 2009 වසරේදීය.

එහිදී ඉතා තියුණු තරගයකින් අනතුරුව පළමු තරගය ජයගැනීමට සමත් වූ ඩරින් වීරසිංහ, දෙවැනි තරගයේදී දෙවැනි ස්ථානයට ඇද දැමීමට අශාන් සමත් විය. ඉකුත් වසරේ පැවැති තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වූ පසිඳු පීරිස්ට පළමු තරගයේ තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. දෙවැනි තරගයේදී ඩරින් වීරසිංහගේ මෝටර් රථයේ හැපී ධාවන පථයෙන් ඉවතට විසිවීම නිසා පසිඳුට දෙවැනි තරගය නිමා කිරීමට නොහැකි විය.

යතුරුපැදි තරග සඳහා සහභාගී වූ එකම කී‍්‍රඩිකාව වූ 13 හැවිරිදි හංසිකා අබේසිංහ තමන් සහභාගී වූ ‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 සිට 160 දක්වා) යතුරුපැදි තරගය ජයගත් අතර මෝටර් රථ තරග සඳහා සහභාගී වූ එකම කී‍්‍රඩිකාව වූ ශෙහාරා ජයවර්ධන, ඇය සහභාගි වූ තරග 3 න් එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1350 දක්වා) විශේෂ මෝටර් රථ තරගය ජය ගැනීමට සමත් වූවාය.  

මෙවර තරගාවලියේ වැඩිම තරගකරුවන් සංඛ්‍යාවක් (තරගකරුවන් 23 ක්) සහභාගී වූ එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරග දෙකෙන්ම (සි ධා. 1300 දක්වා සහ සි ධා. 1500 දක්වා) ජය ලැබීමට රජිත් උළුවිට සමත් විය.

කෙසේ වුවත් එම ඉසව්වේ වැඩිම ජයග‍්‍රහණ ප‍්‍රමාණයක් ලබා සිටින ප‍්‍රවීන මෝටර් රථ රියැදුරු උපුල්වන් සේරසිංහට මෙවර එකම ජයග‍්‍රාහී ස්ථානයක් හෝ ලබාගත නොහැකි වූ අතර සහ එම ඉසව්වේ තවත් ප‍්‍රබල තරගකරුවකු වන කුෂාන් පීරිස්ටද දෙවැනි තරගයේ දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

තවත් වේගවත් ඉසව්වක් ලෙස සැලකෙන එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට 1100 දක්වා) සුපිරි යතුරුපැදි තරග ජය දෙකම ගැනීමට කසුන් ධනුෂ්ක සමත් වූයේ සුරාජ් පෙරේරා, උදික ශ්‍රීමාල් මලවිගේ, නෙඞ් ඩැනියෙල්, ආනන්ද සම්පත් සහ ඉමාල් මංචනායක වැනි ප‍්‍රබල කී‍්‍රඩකයන් පසුපසට ඇද දමමිනි.

ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස ලංකා බැංකුව කටයුතු කළේය. සියැට්, හොණ්ඩා, ඊටෙල්, මහජන බැංකුව සහ එටිසලාට් යන සමාගම් සහ ආයතනය එහි සෙසු අනුග‍්‍රාහකයන් ලෙස කටයුතු කළේය.

‘ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 100 සිට 125 දක්වා) යතුරුපැදි තරගය
1 සංජීව උදය කුමාර (හොණ්ඩා ජේ. එක්ස්. 125)
2 බිනුර කරුණාරත්න (හොණ්ඩා ජේ. එක්ස්. 125)
3 චමින්ද සුබසිංහ (හොණ්ඩා ජේ. එක්ස්. 125)

එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය
1 කේ. පරමේෂ්වරන් (ඔස්ටින් මිනි 1000)
2 නාමල් සිල්වා (මොරිස් මිනි 1000)
3 සමන්ත ගුණවර්ධන (රෝවර් මිනි 1000)

‘ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 සිට 160 දක්වා) යතුරුපැදි තරගය
1 හංසිකා අබේසිංහ (හොණ්ඩා සී. බී. ආර්. 150)
2 නිඛිල පතිරගේ (හොණ්ඩා සී. බී. ආර්. 150)
3 විනුල පතිරගේ (හොණ්ඩා සී. බී. ආර්. 150)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට 750 දක්වා) පළමු සුපිරි යතුරුපැදි තරගය
1 කසුන් ධනුෂ්ක (හොණ්ඩා සී. ආර්. එෆ්. 450)
2 සුරාජ් පෙරේරා (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)
3 උදික ශ්‍රීමාල් මලවිගේ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)

එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය
1 සචිත් පතිරණ (නිසාන් මාර්ච් 1000)
2 යසිත් ගමගේ (නිසාන් මාර්ච් 1000)
3 ඩබ්ලිව්. ඒ. නාරද (නිසාන් මාර්ච් 1000)

එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1350 දක්වා) විශේෂ මෝටර් රථ තරගය
1 ශෙහාරා ජයවර්ධන (හොණ්ඩා සිවික් 1350)
2 එස්. ඒ. දුමින්ද (නිසාන් 1350)
3 ඉම්රාන් යකූබ් (සුසුකි ස්විෆ්ට් 1350)

එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය
1 රජිත් උළුවිට (ෆොර්ඞ් ලේසර් 1300)
2 සුසන්ත ගුණවර්ධන (ෆොර්ඞ් ලේසර් 1300)
3 ඬේවිඞ් සියගුණ (මැස්ඩා ෆැමීලියර් 1300)

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) පළමු මෝටර් රථ තරගය
1 දිනේෂ් ජයවර්ධන (හොණ්ඩා සිවික් ඊ. කේ. 1600)
2 ශකීර් වහබ් (හොණ්ඩා සිවික් 1600)
3 සජාඞ් සුහේර් (හොණ්ඩා ඊ. ආර්. 1600)

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය
1 උදාන පෙරේරා (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
2 ජගත් ප‍්‍රනාන්දු (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
3 කෞෂාල් පෙරේරා (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 900 සිට 1000 දක්වා) යතුරුපැදි තරගය
1 ශි‍්‍රයන්ත අනුරාධ (හොණ්ඩා සී. බී. ආර්. 1000)
2 ප‍්‍රමුඛ සේසත් (බී. එම්. ඩබ්ලිව්. එස්. 1000 ආර්. ආර්.)
3 රේසා ඔඩයාර් (බී. එම්. ඩබ්ලිව්. එච්. පී. IV 1000)

එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) මෝටර් රථ තරගය
1 මයිකල් විජේසූරිය (ටොයොටා විට්ස් 1050)
2 යෝගා පෙරේරා (ඔස්ටින් මිනි කොස්මික් 1050)
3 ඩබ්ලිව්. ඒ. ජී. රංගන (ෆෝර්ඞ් ලේසර් 1050)

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගය
1 මාලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගාසි 2000)
2 ටිරෝන් හෙන්ඳාවිතාරණ (සුබාරු ලෙගාසි 2000)
3 චවින්ද ධර්මවර්ධන (සුබාරු ලෙගාසි 2000)

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 175 සිට 250 දක්වා) යතුරුපැදි තරගය
1 ශොයෙල් ඩැනියෙල් (හොණ්ඩා සී. බී. ආර්. 250)
2 ලතික ශාමල් (හොණ්ඩා සී. බී. ආර්. 250)
3 කාංචන ද සිල්වා (හොණ්ඩා සී. බී. ආර්. 250)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට 750 දක්වා) දෙවැනි සුපිරි යතුරුපැදි තරගය
1 කසුන් ධනුෂ්ක (හොණ්ඩා සී. ආර්. එෆ්. 450)
2 සුරාජ් පෙරේරා (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)
3 නෙඞ් ඩැනියෙල් (කේ. ටී. එම්. ඊ. එක්ස්. සී. 450)

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) පළමු මෝටර් රථ තරගය
1 ඩරින් වීරසිංහ (මිට්සුබිශී එවොලූෂන් 2000)
2 අශාන් සිල්වා (මිට්සුබිශී එවොලූෂන් 2000)
3 පසිඳු පීරිස් (මිට්සුබිශී එවොලූෂන් 2000)

එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි ධා. 1500 දක්වා) මෝටර් රථ තරගය
1 රජිත් උළුවිට (ෆොර්ඞ් ලේසර් 1500)
2 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමීලියර් 1500)
3 ශෙනාල් ගුණවර්ධන (ෆොර්ඞ් ලේසර් 1500)

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 600 දක්වා) යතුරුපැදි තරගය
1 ශොයෙල් ඩැනියෙල් (හොණ්ඩා සී. බී. ආර්. 600)
2 ශ්‍රීයන්ත අනුරාධ (යමහා ආර්. VI 600)
3 මධුරංග කල්දේරා (යමහා ආර්. VI 600)

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) දෙවැනි මෝටර් රථ තරගය
1 සජාඞ් සුහේර් (හොණ්ඩා ඊ. ආර්. 1600)
2 ශෙහාරා ජයවර්ධන (හොණ්ඩා සිවික් 1600)
3 ඉර්ෆාන් ෆෝඞ් (හොණ්ඩා සිවික් 1600)

එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය
1 සකීර් වහබ් (හොණ්ඩා සිවික් 1500)
2 මධුෂාන් මාන්නප්පෙරුම (හොණ්ඩා සිවික් 1500)
3 දිනේෂ් සේනානායක (හොණ්ඩා සිවික් 1500)

‘එම්’ කාණ්ඩයේ නවීකරණය කරන ලද (සි. ධා. 250 ට වැඩි) විවෘත යතුරුපැදි තරගය
1 ශොයෙල් ඩැනියෙල් (හොණ්ඩා සී. බී. ආර්. 600)
2 ශි‍්‍රයන්ත අනුරාධ (හොණ්ඩා සී. බී. ආර්. 1000)
3 රේසා ඔඩයාර් (බී. එම්. ඩබ්ලිව්. එච්. පී. IV 1000)

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) දෙවැනි මෝටර් රථ තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිශී එවොලූෂන් 2000)
2 ඩරින් වීරසිංහ (මිට්සුබිශී එවොලූෂන් 2000)
3 ජනක ඩයස් (මිට්සුබිශී එවොලූෂන් 2000)

 

‘රොදර්හැම්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ විශේෂ අවස්ථා....

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

අශාන් - ශොයෙල් කළුතරදී අණසක පතුරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.