Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයකු වන අසෝක ගුණතිලක මහතා ලියූ ‘පළමුවෙනියා’ ග‍්‍රන්ථය දොරට වැඞීමේ උළෙල සිකුරාදා (25 වැනිදා) පස්වරු 3.30 සිට 5.00 දක්වා කොළඹ 7 නිදහස් මාවතේ කී‍්‍රඩා විද්‍යායතන ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.
‘ජාත්‍යන්තර කී‍්‍රඩා ක්ෂේත‍්‍රය මවිත කළ ශී‍්‍ර ලාංකිකයෝ’ යන තේමාව යටතේ සම්පාදනය කරන ලද මෙම ග‍්‍රන්ථයට ඩන්කන් වයිට්, සුසන්තිකා ජයසිංහ, ප‍්‍රසන්න පීරිස්, හර්බට් ඇඹුල්දෙණිය, බානි හෙන්රිකස්, මොහොමඞ් ලෆීර්, ෆවුස් සහීඞ්, මනිලාල් ප‍්‍රනාන්දු, නිමල් වික‍්‍රමතුංග, ගාමිණී දිසානායක, අර්ජුන රණතුංග, මුත්තයියා මුරලිදරන්, සනත් ජයසූරිය, කුමාර් සංගක්කාර, රන්ජන් මඩුගල්ලේ, ආනා පුංචිහේවා, ඩැව්නෙල් වට්මෝර්, තමාරා ධර්මකීර්ති හේරත්, හේමසිරි ප‍්‍රනාන්දු සහ ආචාර්ය සමන්තා නානායක්කාර වැනි ශී‍්‍ර ලාංකීය කී‍්‍රඩාව ලෝකයා අතරට ගෙන ගිය සුවිශේෂී පුද්ගලයන් 20 දෙනකු පිළිබඳ සටහන් ඇතුළත් වේ.
”ලෝක ශූරතා ශී‍්‍ර ලංකා ජයග‍්‍රහණයන් පිළිබඳ අසන්නට ලැබෙන්නේ කළාතුරෙකිනි. එයද කාලයාගේ ඇවෑමෙන් සිහිනෙන් ගෑ සුවඳක් සේ මතකයෙන් බැහැරව ගොස් කවුරුන් විසින් හෝ මතකයට නැගීමෙන් යළි සිහියට නැෙගයි”
”ලෝක ශූර ශී‍්‍ර ලාංකිකයන් ගැන අප මතකයෙන් ගිලිහී යාම වැළැක්වීම සඳහා අසෝක ගුණතිලකගේ මෙම ග‍්‍රන්ථය කාලීන අවශ්‍යතාවක් සම්පූර්ණ කිරීමකි” යයි මෙම ග‍්‍රන්ථයට පසුවදනක් සපයන, ජාතික කී‍්‍රඩා විද්‍යායතනයේ හිටපු අධ්‍යක්‍ෂවරයකු මෙන්ම මෙරට සිටි ප‍්‍රවීණතම මලල කී‍්‍රඩා පුහුණුකරුවකුද වන යෝගානන්ද විජේසුන්දර මහතා පවසයි.
කී‍්‍රඩා මාධ්‍ය සම්බන්ධයෙන් ඔලිම්පික් සම්මානයක්ද ඇතුළුව සම්මාන ගණනාවක හිමිකරුවකු වන අසෝක ගුණතිලක මහතා පූර්ණ කාලීන කී‍්‍රඩා මාධ්‍යවේදියකු වශයෙන් වසර 32 ක් කටයුතු කළ අයෙකි. ඔලිම්පික් කී‍්‍රඩා උළෙල 6 ක් මෙන්ම තවත් අන්තර්ජාතික කී‍්‍රඩා තරගාවලි 50 කට වැඩි ප‍්‍රමාණයක් වාර්තා කිරීමෙන් අත්දැකීම් ලබා ඇති අසෝක ගුණතිලකයන්ගේ හයවැනි ග‍්‍රන්ථය මෙයයි.
‘පළමුවෙනියා’ ග‍්‍රන්ථය දොරටවැඞීමේ උළෙලේ ප‍්‍රධාන දේශනය ප‍්‍රවීන මාධ්‍යවේදී පාලිත පෙරේරා මහතාගෙනි. රොෂාන්පි‍්‍රය වටවල උත්සව සභාව මෙහෙයවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.