Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිරස ‘ප්ලැටිනම්’ සම්මාන රාති‍්‍රයේදී වසරේ වසරේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස බර ඉසිලීමේ කී‍්‍රඩක ඉන්දික දිසානායකද, දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස මලල කී‍්‍රඩිකා චන්ද්‍රිකා සුභාෂිණීද රස්නායක සම්මාන දිනාගත්හ. ඉන්දික දිසානායක නාවික හමුදා කී‍්‍රඩා සමාජය නියෝජනය කළ අතර චන්ද්‍රිකා සුභාෂිණීද රස්නායක ශී‍්‍ර ලංකා යුද හමුදාව නියෝජනය කරන්නීය.
වසරේ දක්ෂතම කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මානය මෙන්ම ජනතාවගේ කෙටි පණිවිඩ මගින් තෝරාගනු ලබන වසරේ ජනපි‍්‍රයතම කී‍්‍රඩකයා සම්මානයද දිනාගැනීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්වූ අතර ශ්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු වසරේ දක්ෂතම කි‍්‍රකට් කී‍්‍රඩිකාවට හිමි සම්මානය දිනාගත්තාය.
කුරුණෑගල මලියදේව විදුහලේ බර ඉසිලීමේ කී‍්‍රඩක ශෂික ඒකනායක වසරේ දක්ෂතම පාසල් කී‍්‍රඩකයා ලෙසද, ආසියානු ජාත්‍යන්තර පාසලේ පිහිනුම් කී‍්‍රඩිකා මිචිකෝ රහීම් වසරේ දක්ෂතම පාසල් කී‍්‍රඩිකාව ලෙසද සම්මාන දිනාගත්හ.
ඒක් අයකුට තම ජීවිත කාලය තුළදී එක් වරක් පමණක් හිමිවන ‘ජීව කාල’ සම්මානය, 1996 වසරේ කි‍්‍රකට් ලෝක කුසලාන දිනාගත් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතාට හිමිවිය.
වසරේ දක්ෂතම කී‍්‍රඩා කණ්ඩායම ලෙස නාවික හමුදා රග්බි කණ්ඩායම සම්මාන දිනාගත් අතර වසරේ දක්ෂතම පාසල් කී‍්‍රඩා කණ්ඩායම ලෙස කොළඹ ඉසිපතන විදුහල් රග්බි කණ්ඩායම සම්මාන හිමිකර ගත්තේය.
සිරස මාධ්‍යජාලය සහ මොබිටෙල් සමාගම එක්ව මෙම සම්මාන රාති‍්‍රය සංවිධානය කළේය.
වසරේ දක්ෂතම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා
තරිඳු මෙන්ඩිස් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)
වසරේ දක්ෂතම පාසල් රග්බි කී‍්‍රඩකයා
ඔමල්ක ගුණරත්න (කොළඹ ඉසිපතන විදුහල)
වසරේ දක්ෂතම පිට පළාත් පාසල් කී‍්‍රඩකයා/කී‍්‍රඩිකාව
හිමාෂ ඒෂාන් (කළුතර විද්‍යාලය) - මලල කී‍්‍රඩා
වසරේ දක්ෂතම පාසල් කී‍්‍රඩා කණ්ඩායම
කොළඹ ඉසිපතන විදුහල් රග්බි කණ්ඩායම
වසරේ නැගී එන කී‍්‍රඩකයා
අකිල රවිෂංක (රත්නපුර සීවලී මැදි විදුහල) - මලල කී‍්‍රඩා
වසරේ නැගී එන කී‍්‍රඩිකාව
කිමිකෝ රහීම් (ආසියානු ජාත්‍යන්තර පාසල) - පිහිනුම්
වසරේ දක්ෂතම පාසල් කී‍්‍රඩකයා
ශෂික ඒකනායක (කුරුණෑගල මලියදේව විදුහල) - බර ඉසිලීම
වසරේ දක්ෂතම පාසල් කී‍්‍රඩිකාව
මචිකෝ රහීම් (ආසියානු ජාත්‍යන්තර පාසල) - පිහිනුම්
වසරේ දක්ෂතම විශ්ව විද්‍යාල කී‍්‍රඩකයා/කී‍්‍රඩිකාව
නිසංසලා වීරසිංහ (මොරටුව විශ්ව විද්‍යාලය) - බැඞ්මින්ටන්
වසරේ දක්ෂතම කී‍්‍රඩා භාර අචාර්යවරයා/ආචාර්යවරිය
ඒ. ඞී. නන්දාවතී
වසරේ දක්ෂතම පුහුණුකරු
ශ්‍රීමාල් අපොන්සු - බැඞ්මින්ටන්
වසරේ දක්ෂතම සන්නද්ධ සේවා කී‍්‍රඩකයා/කී‍්‍රඩිකාව
යෝෂිත රාජපක්ෂ (නාවික හමුදාව) - රග්බි
වසරේ හොඳම නැවත පැමිණීමක් සටහන් කළ කී‍්‍රඩකයා
අනුරුද්ධ රත්නායක (මාස් හෝල්ඩිංග්ස් කී‍්‍රඩා සමාජය) - බොක්සිං
වසරේ දක්ෂතම මෝටර් කී‍්‍රඩා කී‍්‍රඩකයා
ඩිලන්ත මාලගමුව
වසරේ දක්ෂතම ආබාධිත කී‍්‍රඩකයා
ප‍්‍රදීප් සංජය (යුද හමුදාව) - මලල කී‍්‍රඩා
වසරේ දක්ෂතම කි‍්‍රකට් කී‍්‍රඩකයා
ඇන්ජලෝ මැතිව්ස්
වසරේ දක්ෂතම කි‍්‍රකට් කී‍්‍රඩිකාව
චමරි අතපත්තු
වසරේ දක්ෂතම කී‍්‍රඩා කණ්ඩායම
නාවික හමුදා රග්බි කණ්ඩායම
වසරේ දක්ෂතම කී‍්‍රඩකයා
ඉන්දික දිසානායක (නාවික හමුදාව) - බර ඉසිලීම
වසරේ දක්ෂතම කී‍්‍රඩිකාව
චන්දිකා සුභාෂිණී රස්නායක (යුද හමුදාව) - මලල කී‍්‍රඩා
වසරේ ජනපි‍්‍රයම කී‍්‍රඩකයා
ඇන්ජලෝ මැතිව්ස්
එක් අයකුට තම ජීවිත කාලය තුළදී එක් වරක් පමණක් හිමිවන ‘ලයිෆ් ටයිම් ඇචීව්මන්ට්’ සම්මානය
අර්ජුන රණතුංග
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.