Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සදර්න් මෝටර් රථ කී‍්‍රඩා සමාජය 18 වැනි වරටත් සංවිධානය කරන ‘සදර්න් එලියකන්ද තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මේ මස 22 වැනිදා මාතර එලියකන්ද ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන පැවැත්වේ.
මීටර් 700 ක දිගකින් යුත් ධාවන පථයකින් සමන්විත මෙම තරගාවලියේදී මෝටර් රථ තරග 24 ක් සහ යතුරුපැදි තරග 10 ක් පැවැත්වීමට සංවිධායකයන් කටයුතු සූදානම් කර ඇත.
පෙරවරු 7.30 වනවිට සියලූම තරගකරුවන් තම මෝටර් රථ සහ යතුරුපැදි සමගින් තරග පැවැත්වෙන ස්ථානයට වාර්තා කළ යුතු අතර පෙරවරු 9.00 ට තරගාවලිය ආරම්භවේ. ත්‍යාග ප්රදානෝත්සවය එදිනම පස්වරු 3.00 සිට මාතර ‘පර්ල් ක්ලිෆ්’ හෝටලයේදී පැවැත්වේ.
තරගාවලියට සහභාගීවීමට අවශ්‍ය මෝටර් රථ රියදුරන්ට (රුපියල් 4,500 ක මුදලක් සමග) සහ යතුරුපැදිකරුවන්ට (රුපියල් 2,500 ක මුදලක් සමග) තම අයැදුම් පත් නො. 55, අනගාරික ධර්මපාල මාවත, මාතර හෝ නො. 175, නාවල පාර, නුගේගොඩ හෝ පේ‍්‍රමදාස ව්‍යාපාර සමූහය, නො. 179, ජයන්ත වීරසේකර මාවත, කොළඹ 10 යන ලිපිනයන් වෙත යොමු කිරීමේන් ඒ සඳහා අවස්ථාව උදාකරගත හැකිය. අයැදුම්පත් බාරගැනීම 20 වැනිදා පස්වරු 5.00 ට අවසන්වේ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.