Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports එෂාන් පීරිස් පළමු තැන දිනා එයි

එෂාන් පීරිස් පළමු තැන දිනා එයි

editorial - 2024 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල )

ආසියානු ජී.ටී.මෝටර් රථ ධාවන ශූරතා තරගාවලියේදී ‘සිල්වර්‘ කාණ්ඩයෙන්  සහභාගී වී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර එෂාන් පීරිස් ඊයේ (26 වැනිදා) රාත්‍රියේදී ජපානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේය. 

මෙම තරගාවලිය ලෝකයේ අතිශය ජනප්‍රිය මෝටර් රථ තරගාවලියක් වන අතර එය ජපානයේ ෆුජි නගරයේ පසුගිය 22 සහ 23 දිනවල පවත්වන ලදි. එෂාන් පීරිස් මෙම තරගාවලියේ දී පෝෂේ - 911 වර්ගයේ මෝටර් රථයක් පදවමින් තරගය ජයග්‍රහණය කර ඇත. 

මෙම තරගාවලියේ තවත් තරග වට දෙකක් ඉතිරිව තිබේ. අවසාන වටය චීනයේ ෂැංහයි නුවර පැවැත්වීමට නියමිතය. 

 එෂාන් පීරිස් සුප්‍රකට ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩේවිඩ් පීරිස් මහතාගේ පුත්‍රයෙකි .


අදහස් (0)

එෂාන් පීරිස් පළමු තැන දිනා එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.