Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports කී‍්‍රඩා සංගම් 10 ක නිලවරණ හෙට

කී‍්‍රඩා සංගම් 10 ක නිලවරණ හෙට

ශනුක අරවින්ද - 2015 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කී‍්‍රඩා සංගම් 10 ක නිලවරණ හෙට දිනයේදී (15 වැනිදා) පැවැත්වීමට නියමිත බව කී‍්‍රඩා අමාත්‍යංශයේ නිවේදනයක සඳහන් වේ.

ඒ අනුව වෙඩිතැබීම, කබඩි, මල්ලවපොර, කායවර්ධන, ජීවිතාරක්ෂ, චෙස්, ජල කී‍්‍රඩා, හොකී, රුවල් ඔරු සහ මෝටර් සයිකල් සංගම් වල නිලවරණ හෙට දිනයේ ස්ථාන 7 කදී පැවැත්වීමට නියමිතය. ඉන් 3 ක්ම ජාතික ඔලිම්පික් නිවහනේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ නිලවරණය පමණක් කී‍්‍රඩා අමාත්‍යවරයාගේ විශේෂ අවසරය මත ලබන 23 වැනිදා දක්වා කල්දමා තිබේ. ඒ අනුව එය 23 වැනිදා පෙරවරු 10.00 ට කී‍්‍රඩා අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේ පැවැත්වේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත කී‍්‍රඩා සංගම් නිලවරණ
සංගමය දිනය වේලාව ස්ථානය
ශ්‍රී ලංකා වෙඩිතැබීමේ සංගමය 2015.05.15 පෙ. ව. 9.00  ජාතික ඔලිම්පික් නිවහන 
ශ්‍රී ලංකා කබඩි සංගමය  2015.05.15 පෙ. ව. 9.00  ජාතික ඔලිම්පික් නිවහන 
ශ්‍රී ලංකා මල්ලවපොර සංගමය 2015.05.15 පෙ. ව. 11.00  ජාතික ඔලිම්පික් නිවහන 
ශ්‍රී ලංකා කායවර්ධන සංගමය 2015.05.15 ප. ව. 2.30  දෙහිවල ජයසිංහ ශාලාව
ශ්‍රී ලංකා ජීවිතාරක්ෂ සංගමය 2015.05.15 ප. ව. 3.00  ගල්කිස්ස සංගම් මූලස්ථානය 
ශ්‍රී ලංකා චෙස් සංගමය  2015.05.15 ප. ව. 4.00  රාජකීය විදුහල් ශ‍්‍රවණාගාරය 
ශ්‍රී ලංකා ජල කී‍්‍රඩා සංගමය  2015.05.15 ප. ව. 5.00  ජාතික කී‍්‍රඩා විද්‍යායතනය 
ශ්‍රී ලංකා හොකී සංගමය 2015.05.15 ප. ව. 5.30  ජාතික කී‍්‍රඩා විද්‍යායතනය 
ශ්‍රී ලංකා රුවල් ඔරු සංගමය  2015.05.15 ප. ව. 5.30  4 වැනි මහල, කූරගම, ලේක් ක‍්‍රසන්ට්, කොළඹ 02
ශ්‍රී ලංකා මෝටර් සයිකල් සංගමය  2015.05.15 ප. ව. 6.00  කී‍්‍රඩා අමාත්‍යංශ ශ‍්‍රවණාගාරය
ශ්‍රී ලංකා පාපන්දු සංගමය  2015.05.23 ප. ව. 10.00  කී‍්‍රඩා අමාත්‍යංශ ශ‍්‍රවණාගාරය

 

-036


අදහස් (0)

කී‍්‍රඩා සංගම් 10 ක නිලවරණ හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.