Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
උඩවලව, සෙවනගල යුද හමුදා ධාවන පථයේදී පැවැති පස්වැනි ‘වලව සුපර් ක්‍රොස්’ තරගාවලියේදී එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය අතරතුර සිදුවූ රිය අනතුරක් හේතුවෙන් නියමිත වට සංඛ්‍යාව නිමා වීමට පෙර රතු කොඩි දමා තරගය නතර කිරීමට සංවිධායකයෝ කටයුතු කළහ. ඒ අනුව නතර කරන මොහෝතේදී ඉදිරියෙන් ගමන් කළ තරගකරුවන් තිදෙනා පිළිවෙලින් එහි පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා නම් කෙරිණ.
කෙසේ වුවත් තරගය නිමා වීමෙන් අනතුරුව එහි ජයග්‍රාහකයා ලෙස නම් කෙරුණු කුෂාන් පීරිස්, තමාව ධාවන පථයෙන් ඉවතට විසිවන අයුරින් සිය මෝටර් රථය හැසිරවූ බවට චෝදනා එල්ල කරමින් කුෂාන්ට එරෙහිව විරෝධතාවක් ගොනු කිරීමට සජාඞ් සුහේර් කටයුතු කළේය.
ඒ සම්බන්ධව තරග සංවිධායකයන්ගෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී ඔවුන් කියා සිටියේ තරගයේ විඩියෝ දර්ශනද ලබාගෙන අදාළ විරෝධතාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත්, යම් හෙයකින් කුෂාන් පීරිස් එම චෝදනාවට වැරදිකරු වුවහොත් ඔහුගේ ජයග්‍රහණය අවලංගු කරන බවත්ය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.