Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා රථ රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව 13 වැනි වරටත් සංවිධානය කරනු ලබන ‘ගජබා සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මේ මස 31 වැනිදා පෙරවරු 9.00 සිට සාලියපුර, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය.
දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරා ගැනීම සඳහා වන තරග දෙකද ඇතුළත්ව තරග ඉසව් 22 කින් සමන්විත වන මෙවර තරගාවලියට මෝටර් රථ තරග 10 ක් සහ යතුරුපැදි තරග 12 ක් ඇතුළත්වේ.
දිවයිනේ සිටින ප‍්‍රමුඛ පෙළේ මෝටර් රථ සහ යතුරුපැදි තරගකරුවන් ඇතුලූව තරගකරුවන් 200 කට ආසන්න ප‍්‍රමාණයක් මෙම තරගාවලිය සඳහා මේ වන විටත් තම සහභාගීත්වයන් තහවුරු කර තිබේ.
ඔවුන්ට අමතරව ටී. වී. එස්. කණ්ඩායම නියෝජනය කරන ඉන්දීය යතුරුපැදි ධාවකයන් දෙදෙනකුද මෙවර තරගාවලියට සහභාගී වීමට නියමිත බව ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමයේ සභාපති යෝගා පෙරේරා මහතා ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කර සිටියේය.
ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය විසින් මෙතෙක් පවත්වනු ලැබූ තරගාවලි 4 අවසානයේ යතුරුපැදි අංශයෙන් ෂෙහාන් සී. අධිකාරිද (ලකුණු 67), මෝටර් රථ අංශයෙන් අරවින්ද පේ‍්‍රමදාසද (ලකුණු 58) ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙති.
ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය විසින් සියැට් - ස්ලාඩා ශූරතාව වෙනුවෙන් සංවිධානය කරනු ලබන අවසන් මෝටර් ක්‍රොස් තරගාවලිය මෙය වන බැවින් තරගකරුවන්ට තම ප‍්‍රසාද ලකුණු ප‍්‍රමාණයන් ඉහළ නංවා ගැනීම සඳහා හිමවන අවසන් අවස්ථාවද මෙය වේ.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කරන අතර තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහය විජය පුවත්පත් ආයතනයෙනි.
තිස් වසරකට ආසන්න යුද්ධයේදී මියගිය සහ විවිධ ආබාධයන්ට ගොදුරුවූ ගජබා රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සුභසාධන කටයුතු සඳහා මුදල් රැස්කිරීම සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ යටිතල පහසුකම් නංවාලීම මෙම තරගාවලියේ ප‍්‍රධාන අරමුණු වේ.
ප‍්‍රධාන අනුග‍්‍රාහක ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි මහතා විසිනි විසින් මේජ්ර් ජෙනරාල් දවුලගල මහතාට අනුග‍්‍රාහක චෙක්පත ප‍්‍රදානය කළ අයුරු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.