Last Update  :  2025-04-07 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports ගනර්ස් සුපර්ක්‍රොස් අගෝස්තු 3 දා මින්නේරියේදී

ගනර්ස් සුපර්ක්‍රොස් අගෝස්තු 3 දා මින්නේරියේදී

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව 9 වැනි වරටත් සංවිධානය කරනු ලබන ‘ගනර්ස් සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය අගෝස්තු මස 03 වැනිදා උදෑසන 9.00 සිට මින්නේරිය, කාලතුවක්කු හමුදා පරිශ‍්‍රය තුල පිහිටි මෝටර් රථ ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය.

තිස් වසරකට ආසන්න යුද්ධයේදී මියගිය සහ විවිධ ආබාධවලට ගොදුරුවූ කාලතුවක්කු රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ සුභසාධන කටයුතු සඳහා මුදල් රැස්කිරීම මෙම තරගාවලියේ ප‍්‍රධාන අරමුණයි. දක්ෂතම මෝටර් රථ රියදුරා සහ දක්ෂතම යතුරුපැදි ධාවකයා තෝරා ගැනීම සඳහා පවත්වන තරගද ඇතුළත්ව ඉසව් 24 කින් මෙවර තරගාවලිය සමන්විත වේ.

දිවයිනේ සිටින ප‍්‍රමුඛ පෙළේ මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයන් ඇතුලූ තරගකරුවන් 120 කට අධික පිරිසක් මෙම තරගාවලිය සඳහා මේ වන විටත් තම සහභාගීත්වය තහවුරු කර තිබෙන අතර ටී. වී. එස්. කණ්ඩායම නියෝජනය කරන ඉන්දීය යතුරුපැදි ධාවකයන් දෙදෙනකු වන කේ. පී. අරවින්ද් සහ හරිත් නෝවාද විදෙස් තරගකරුවන් ලෙස ඊට සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය මෙතෙක් පැවැත්වූ තරගාවලි 3 අවසානයේදී යතුරුපැදි අංශයෙන් ෂෙහාන් සී. අධිකාරිද (ලකුණු 49), මෝටර් රථ අංශයෙන් අශාන් සිල්වාද (ලකුණු 41) ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙති.

සිිංගර් සමාගම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය දරන අතර සියැට් සමාගම එහි සම අනුග‍්‍රහකයා ලෙස කටයුතු කරයි.

 

 

 

(ඡායාරූප - ඉශාන් සංජීව)


අදහස් (1)

ගනර්ස් සුපර්ක්‍රොස් අගෝස්තු 3 දා මින්නේරියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.