Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ස්ලාඩා - සියැට් සම්මාන රාති‍්‍රයේදී වසරේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස මොටෝක්‍රොස් යතුරුපැදි ධාවක ගයාන් සඳරුවන් සම්මාන දිනාගත්තේය. එහිදී හොඳම යතුරුපැදි කණ්ඩායම ලෙස සම්මාන දිනාගත්තේ ගයාන් සහ ඔහුගේ සොහොයුරු ශානුක සඳරුවන් නියෝජනය කළ හොණ්ඩා යතුරුපැදි කණ්ඩායමයි.
මෙම වසරේ අපේ‍්‍රල් මාසයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා ශ‍්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්ව සංවිධානය කර පවත්වනු ලැබූ ෆොක්ස් හිල් සුපර්ක්‍රොස්, සීගිරි රැලික්‍රොස්, කැවල්රි සුපර්ක්‍රොස්, ගනර් සුපර්ක්‍රොස්, ගජබා සුපර්ක්‍රොස් සහ කටුකුරුන්ද රොදර්හැම් යන මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලි වලදී දක්සම් දැක්වූ කී‍්‍රඩකයෝ මෙම සම්මාන රාති‍්‍රයේදී ඇගයීමට ලක්වූහ.
යතුරුපැදි තරගකරුවන් සඳහා සම්මාන 8 ක්ද, සහ මෝටර් රථ තරගකරුවන් සඳහා සම්මාන 7 ද මෙහිදී ප‍්‍රදානය කෙරිණ.
වයස අවුරුදු 16 න් පහළ එම්. එක්ස්. කාණ්ඩයේ සි. ධා. 85 දක්වා මොටෝක්‍රොස් යතුරුපැදි අංශයේ දක්ෂතම කී‍්‍රඩකයාට හිමිවන සම්මානය සතුකරගැනීමට ජැක් ගුණවර්ධන සමත්වූයේ ඉහත තරගාවලි වල පැවති සෑම 16 පහළ තරගයකම පළමු ස්ථානය දිනාගනිමිනි. එහිදී තමන් තරග වදින කාණ්ඩයේ තමන් සහභාගීවූ සෑම තරගයක්ම ජය ගනිමින් එම කාණ්ඩයේ වසරේ දක්ෂතම කී‍්‍රඩකයාට හිමිවන සම්මානය දිනාගත් කී‍්‍රඩයන් අතලොස්සට එක්වීමටද ජැක්ට හැකිවිය.
දිවයිනේ සිටින ප‍්‍රවීනතම මෝටර් රථ තරගකරුවකු වන උපුල්වන් සේරසිංහ තමන්ගේ වයස, කී‍්‍රඩාවට බලනොපාන බව මොනවට කියාපාමින් එස්. එල්. එන්. කාණ්ඩයේ සි. ධා. 1300 දක්වා ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ අංශයේ සහ එම කාණ්ඩයේම සි. ධා. 1500 දක්වා ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ අංශයේ දක්ෂතම කී‍්‍රඩකයන් වෙනුවෙන් පිරිනැමෙන සම්මාන දෙකම දිනාගත්තේ මෙවර ස්ලාඩා - සියැට් සම්මාන රාති‍්‍රයේදී සම්මාන දෙකකට හිමිකම් කී එකම කී‍්‍රඩකයා බවට පත්වෙමිනි.
වසරේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වීමට ගයාන් සඳරුවන්ට ප‍්‍රබල තරගයක් දුන් යොවුන් කී‍්‍රඩක ෂෙහාන් සී. අධිකාරි, එම්. එක්ස්. කාණ්ඩයේ සි. ධා. 125 දක්වා මොටෝක්‍රොස් යතුරුපැදි අංශයේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙසින් සම්මාන දිනාගත් අතර යුද හමුදාවේ ප‍්‍රධානම යතුරුපැදි ධාවකයා වන සමීර පේ‍්‍රමරත්න, එම්. එක්ස්. කාණ්ඩයේ සි. ධා. 125 දක්වා රේසිං යතුරුපැදි අංශයේ සන්නද්ධ සේවා වල දක්ෂතම කී‍්‍රඩකයා ලෙසින් සම්මාන දිනාගත්තේය.
තවමත් අවුරුදු 16 ක් පමණ වයසැති දමිත් වීරසිංහ එස්. එල්. එන්. කාණ්ඩයේ සි. ධා. 1000 දක්වා සමාන්‍ය මෝටර් රථ අංශයේ දක්ෂතම කී‍්‍රඩයාට හිමි සම්මානය දිනාගත්තේ පැවති තරගාවලි 6 න් 4 කදීම එම ඉසව්වේ ජය තමන් සතුකරගනිමිනි.
කටුකුරුන්ද රොදර්හැම් තරගාවලිය හැරුණුකොට අන් සියලූ තරගාවලි වලදීම ලහිරු ජීවන්ත සමග කළ තියුණු තරගයකින් අනතුරුව, ‘එම්’ කාණ්ඩයේ සි. ධා. 250 දක්වා සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්) අංශයේ දක්ෂතම කී‍්‍රඩකයාට හිමිවන සම්මානය තමන් සතුකරගැනීමට ශානුක සඳරුවන් සමත්විය.
කෙසේවුවත් මෝටර් රථ අංශයේ තවත් ප‍්‍රධානතම සම්මාන 3 ක් පිරිනැමීම තාවකාලිකව අත්හිටුවීමට ශ‍්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය මෙහිදී පියවර ගෙන තිබිණ.
එළෙස අත්හිටුවන ලද සම්මාන අයත් වන තරග ඉසව් වන්නේ එස්. එල්. එච්. කාණ්ඩයේ සි. ධා. 1600 දක්වා මෝටර් රථ සහ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ සි. ධා. 3500 දක්වා මෝටර් රථ අංශ දෙකයි. ඊට අමතරව මෝටර් රථ අංශයේ කණ්ඩායම් ශූරතාව සඳහා වන සම්මානයද ඊට අයත්විය.
මෙහිදී සැලකියයුතු කරුණක් වන්නේ එම අත්හිටවූ සම්මාන 3 හිම හිමිකරුවා අශාන් සිල්වා වීමයි. අශාන් මෙම වසර තුළ සාර්ථකම මෝටර් රථ ධාවකයා ලෙස හැඳින්විය හැකි අතර ඔහුගේ මෝටර් රථයේ එන්ජිම සම්බන්ධයෙන් තවත් ප‍්‍රධාන පෙළේ රියදුරකු විරෝධතාවයක් පළ කර තිබීම මෙම සම්මාන ති‍්‍රත්වය ඔහුට ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට හේතුවී තිබේ.
යතුරුපැදි අංශයේ සම්මාන ලාභියෝ
මෝටර් රථ අංශයේ සම්මාන ලාභියෝ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.