Last Update  :  2024-11-24 16:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports ටොමායාගෙන් අඩි 120 ක දැවැන්ත පිම්මක්

ටොමායාගෙන් අඩි 120 ක දැවැන්ත පිම්මක්

Dilrukshi - 2015 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

කුරුණෑගල, බෝයගනේ විජයබාහු රෙජිමේන්තු ධාවන පථයේදී පැවැති 13 වැනි ‘විජයබාහු සුපර්ක්‍රොස්’ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස සම්මාන දිනාගැනීමට ජපන් ජාතික ටොමායා සුසුකි සමත්විය.

ඒ සමගම විජයබාහු රෙජිමේන්තු ධාවන පථයේදී පිට පිටම දෙවැනි වරටත් දක්ෂතම යතුරුපැදි ධාවකයා බවට පත්වීමට සුසුකි සමත් වූ අතර මින් පෙර පිට පිට දෙවරක් බැගින් දක්ෂතම යතුරුපැදි ධාවකයා බවට පත්ව ඇත්තේ නලින් පෙරේරා සහ ගයාන් සඳරුවන් පමණි.

තරගාවලියේ ප‍්‍රධානම යතුරුපැදි ඉසව්ව වූ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා)මොටෝක්‍රොස් යතුරුපැදි තරගයේ අදියර දෙකම විශිෂ්ට ලෙස ජයගනිමින් ටොමායා සුසුකි දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්විය. එම අදියර දෙකේදීම ඔහුට තරගයක් දීමට අන් කිසිදු තරගකරුවෙක් සමත් නොවිණ. 

කී‍්‍රඩකයක් වාර්තා කළ දිගම පිම්මේ වාර්තාවද තමන් සතුකර ගැනීමට ටොමායා සුසුකි සමත්වූ අතර එය අඩි 120 ක දුරකින් සමත්විත විය.

ඔහුගේ මෙවර දිගම පිම්ම ඉකුත් වසරේ දිගම පිම්මට (අඩි 110) වඩා තවත් අඩි 10 කින් වැඩි වීමද සුවිශේෂී සිදුවීමක් විය.එම තරග දෙකේදීම දෙවැනි ස්ථාන දිනාගැනීමට ලාබාල කී‍්‍රඩක ඉවෝන් බී. ගුරුසිංහ සමත් වූ අතර පළමු තරගයේ තෙවැනි ස්ථානය සමීර පේ‍්‍රමරත්නටත්, දෙවැනි තරගයේ තෙවැනි ස්ථානය ජින් ලියනගේටත් හිමිවිය.

කුරුණෑගල ප‍්‍රදේශයෙන්ම බිහිවූ යතුරුපැදි ධාවකයකු වන ළහිරු ජීවන්ත හා කළ තියුණු තරගයකින් අනතුරුව ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්) විවෘත තරගය ජය ගැනීමට ඉවෝන් බී. ගුරුසිංහ සමත් විය.

කෙසේ වුවත් ගයාන් සඳරුවන්, ෂෙහාන් සී. අධිකාරි, ඉෂාන් දසනායක, දේෂාන් සොලංකි, ජැක් ගුණවර්ධන සහ ශානුක සඳරුවන් වැනි දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ යතුරුපැදිකරුවෝ කිහිප දෙනකුම විවිධ හේතූන් නිසා මෙම තරගාවලියට සහභාගී නොවූහ.

ඉකුත් වසරේ පැවැති තරගාවලියට සහභාගී වූ ඉන්දීය යතුරුපැදිකරුවන් දෙදෙනාද (කේ. පී. අරවින්ද් සහ හරිත් නෝවා) මෙවර තරගාවලිය සහභාගී නොවීම, එහි තරගකාරීත්වයට විශාල බලපෑමක් එල්ල කිරීමට හේතු විය.

සන්ද්ධ සේවා නියෝජනය කළ තරගකරුවන් සඳහා පැවති එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද රේසිං යතුරුපැදි තරගය ජයගත් සමීර පේ‍්‍රමරත්න, ඉන් නොනැවතී එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 100 සිට 125 දක්වා) රේසිං යතුරුපැදි තරගයද ජයගනිමින් ද්විත්ව ජයග‍්‍රහණයකට හිමිකම් කීවේය.

වයස 16 න් පහළ කී‍්‍රඩකයන් සඳහා පැවැති තරග දෙකේම ජයග‍්‍රහණ තමන් සතු කරගැනීමට හසිඳු ගුණසේකර සමත් වූ අතර වයස 13 න් පහළ තරගය ජය ගැනීමට බුද්ධික සඳකැළුම්ද, වයස 10 න් පහළ තරගය ජය ගැනීමට අභිෂේක් බණ්ඩාරද සමත් වූහ.

යතුරුපැදි තරග ඉසව් 12 කින් සමන්විතවූ මෙවර තරගාවලියට යතුරුපැදිකරුවන් 100 කට අධික පිරිසක් සහභාගි වූ අතර එහි ප‍්‍රධාන ආරාධිතයන් ලෙස කී‍්‍රඩා යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වා මහතා සහ විජයබාහු රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා සහභාගි වූහ.

ශ්‍රී ලංකා යුද හමාදාවේ විජයබාහු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා රේසිං යතුරුපැදි ධාවකයන්ගේ සංගමය සමග එක්ව මෙම තරගාවලිය සංවිධානය කළේය.

තරග ප‍්‍රතිඵල

‘එම් එක්ස්’ කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද රේසිං  යතුරුපැදි දෙවැනි තරගය (සන්නද්ධ සේවා)

1 සමීර පේ‍්‍රමරත්න
2 මිතුන් ජයසංක සිගේරා
3 බුද්ධික කසුන් සිල්වා 

‘ජේ’ කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය (වයස 13 න් පහළ)

1 බුද්ධික සඳකැළුම්  
2 ලක්දිනු ගුණසේකර  
3 තාරුක රුමීෂ 

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි තරගය

1 නිහල් විජේරත්න
2 නදීර එදිරිසිංහ
3 නිෂාන්ත වික‍්‍රමගේ

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි පළමු තරගය (වයස 16 න් පහළ)

1 හසිඳු ගුණසේකර
2 විනුෂ්ක ටී. සිල්වා
3 භානුක රත්නායක

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 100 සිට 125 දක්වා) රේසිං යතුරුපැදි තරගය

1 සමීර පේ‍්‍රමරත්න

2 නිහල් විජේරත්න
3 බුද්ධික කසුන් සිල්වා

‘ජේ’ කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස 10 න් පහළ)

1 අභිෂේක් බණ්ඩාර
2 දේමිත ජයවර්ධන  
3 ගඟන ප‍්‍රනාන්දු 

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි පළමු තරගය

1 ටොමායා සුසුකි (ජපානය)
2 ඉවෝන් බී. ගුරුසිංහ
3 සමීර පේ‍්‍රමරත්න

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා)මොටෝක්‍රොස්  යතුරුපැදි දෙවැනි තරගය (වයස 16 න් පහළ)

1 හසිඳු ගුණසේකර
2 විනුෂ්ක ටී. සිල්වා
3 භානුක රත්නායක

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි විවෘත තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)

1 ඉවෝන් බී. ගුරුසිංහ
2 ළහිරු ජීවන්ත
3 නිහල් විජේරත්න

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි තරගය (සන්නද්ධ සේවා)

1 නිහල් විජේරත්න
2 නදීර එදිරිසිංහ  
3 නදීර පෙරේරා

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා මොටෝක්‍රොස්  යතුරුපැදි දෙවැනි තරගය

1 ටොමායා සුසුකි (ජපානය)
2 ඉවෝන් බී. ගුරුසිංහ
3 ජින් ලියනගේ

 

 


අදහස් (1)

ටොමායාගෙන් අඩි 120 ක දැවැන්ත පිම්මක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.