Last Update  :  2024-11-24 19:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports ඩරීන් - සෆ්රාස් එළියකන්දේ වේග වාර්තා තබති

ඩරීන් - සෆ්රාස් එළියකන්දේ වේග වාර්තා තබති

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සදර්න් මෝටර් රථ කී‍්‍රඩා සමාජය 17 වැනි වරටත් සංවිධානය කළ ‘එලියකන්ද තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී නව වාර්තාවක්ද පිහිටුවමින් තරගකරුවෙකු දැක්වූ හොඳම තරග නිමි කාලය වාර්තා කිරීමට ප‍්‍රවීන මෝටර් රථ ධාවක ඩරින් වීරසිංහ සමත්විය.

සුබාරු එස්. ටී. අයි. එක්ස්. වර්ගයේ මෝටර් රථයක් භාවිතා කරමින් එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ සිලින්ඩර් ධාරිතාව 3500 දක්වා තරගයට ඉදිරිපත්වූ ඩරින් වීරසිංහට එම තරගය නිමා කිරීම සඳහා වැයවූ කාලය තත්පර 35.66 කි.

අඩුම කාලයකින් (තත්පර 37.19 කින්) තරගය නිමා කළ යතුරුපැදිකරුවා ලෙස සම්මාන හිමිකරගැනීමට සෆ්රාස් ජුනයිඞ් සමත්වූ අතර මෙය ඔහු ‘එලියකන්ද තරණය’ තරගාවලියක හොඳම කාලය වාර්තා කළ 6 වැනි අවස්ථාවද විය.

හොණ්ඩා සී. ආර්. එෆ්. 250 වර්ගයේ යතුරුපැදියක් භාවිතා කළ සෆ්රාස්ට සි. ධා. 175 සිට 250 දක්වා සුපිරි යතුරුපැදි තරගය සහ සි. ධා. 250 සිට 1100 දක්වා විවෘත සුපිරි යතුරුපැදි තරගය පහසුවෙන්ම ජයගැනීමට හැකිවිය.

තවත් වේගත්ම තරග ඉසව්වක් වන සි. ධා. 900 සිට 1000 දක්වා නවීකරණය කළ සහ නොකළ යතුරුපැදි තරගය ජයගැනීමට නඳුන් විජේසේකර සමත්වූ අතර එස්. එල්. කාණ්ඩයේ ට‍්‍රක් සහ ජීප් තරගය ජය ගැනීමට වෛද්‍ය සංජය සේදර සෙනරත් සමත්විය.

මීටර් 800 ක දිගකින් යුත් ධාවන පථයකින් සමන්විතවූ මෙම තරගාවලියේදී මෝටර් රථ තරග 13 ක් සහ යතුරුපැදි තරග 10 ක් සඳහා තරගකරුවෝ 100 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගීවූහ.

යතුරුපැදි තරග ප‍්‍රතිඵල

සි. ධා. 100 සිට 125 දක්වා නවීකරණය නොකළ යතුරුපැදි
1 සංජීව උදයකුමාර (හොණ්ඩා ජේ. එක්ස්. 125)
2 එම්. සී. එස්. පෙරේරා (හොණ්ඩා ජේ. එක්ස්. 125)
3 රොහාන් ඞී. පතිරණ (හොණ්ඩා ජේ. එක්ස්. 125)

සි. ධා. 175 සිට 250 දක්වා සුපිරි යතුරුපැදි
1 සෆ්රාස් ජුනයිඞ් (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 ගේබ්රියල් රොක්වුඞ්
3 එච්. ඞී. දුෂාන්ත

සි. ධා. 175 සිට 250 දක්වා නවීකරණය කළ සහ නොකළ යතුරුපැදි
1 ශෙරෝන් ප‍්‍රනාන්දු (හොණ්ඩා සී. බී. ආර්. 250)
2 ජානක දිනේෂ් (හොණ්ඩා සී. බී. ආර්. 250)
3 හෙළවිකුම් රණ්දෙනි (හොණ්ඩා සී. බී. ආර්. 250)

සි. ධා. 125 ට වැඩි නවීකරණය නොකළ යතුරුපැදි
1 එම්. සී. එස්. පෙරේරා (හොණ්ඩා ජේ. එක්ස්. 125)
2 එස්. ආර්. සමන්ත (හොණ්ඩා ජේ. එක්ස්. 125)
3 ආර්. කේ. රණතුංග (බජාජ් ඩිස්කවරි 125)

සි. ධා. 125 සිට 160 දක්වා නවීකරණය නොකළ යතුරුපැදි
1 අකිල කමලේන්ද්‍ර (ටී. වී. එස්. අපාචි 150)
2 එම්. සී. එස්. පෙරේරා (බජාජ් පල්සර් 150)
3 ඩිලාන් රත්නායක (බජාජ් පල්සර් 150)

සි. ධා. 100 සිට 250 දක්වා සුපිරි යතුරුපැදි
1 කසුන් ධනුෂ්ක (යමහා වයි. ඉසෙඞ්. එෆ් 250)
2 වයි. ඒ. එම්. නිරංජ (හොණ්ඩා සී. ආර්. 125)
3 සචිර රාජකරුණා (කවසාකි කේ. එන්. 250)

සි. ධා. 250 සිට 1100 දක්වා සුපිරි යතුරුපැදි විවෘත
1 සෆ්රාස් ජුනයිඞ් (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 කසුන් ධනුෂ්ක (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
3 රොහාන් ඞී. පතිරණ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)

සි. ධා. 100 සිට 125 දක්වා නවීකරණය කළ සහ නොකළ යතුරුපැදි
1 ආසිරි ශී‍්‍රමාල් (කවසාකි කේ. ඞී. එක්ස්. 125)
2 මෙවන්ද පන්ඩිතරත්න (සුසුකි ටී.එස්. ආර්. 125)
3 අමල් උදයංග (යමහා ඞී. ටී. 125)

සි. ධා. 600 දක්වා නවීකරණය කළ සහ නොකළ යතුරුපැදි
1 ශී‍්‍රයන්ත අනුරාධ (යමහා ආර්. 600)
2 නඳුන් විජේසේකර (සී. බී. ආර්. 600)
3 වසන්ත පෙරේරා (යමහා ආර්. 600)

සි. ධා. 900 සිට 1000 දක්වා නවීකරණය කළ සහ නොකළ යතුරුපැදි
1 නඳුන් වීරසේකර (බී. එම්. ඩබ්ලිව්. 1000 එෆ්. ආර්. ආර්.)
2 මඳුරංග කල්දේරා (යමහා වයි. ඉසෙඞ්. එෆ්. ආර්.)
3 වසන්ත පෙරේරා (බී. එම්. ඩබ්ලිව්. 1000 එෆ්. ආර්. ආර්.)

මෝටර් රථ තරග ප‍්‍රතිඵල

එස්. එල්. එන්. කාණ්ඩයේ සි ධා. 1300 දක්වා ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ
1 සුසන්ත ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1300)
2 ධම්මික පීරිස් (ෆෝඞ් ලේසර් 1300)
3 කුෂාන් පීරිස් (ෆෝඞ් ලේසර් 1300)

එම්. කාණ්ඩයේ කාණ්ඩයේ සි ධා. 2000 දක්වා මෝටර් රථ
1 රුවන් පතිරන (සුබාරු ඉම්ප්‍රෙසා)
2 ඩිලංක විජේසූරිය (හොන්ඩා ඊ. ජී. 8)
3 අකිල කමලේන්ද්‍ර (ෆොර්ඞ් ලේසර්)

එස්. එල්. එස්. කාණ්ඩයේ සි ධා. 1500 දක්වා විශේෂ මෝටර් රථ
1 සකීර් වහබ්
2 ශිහාන් මීගම (ස්කොඩා 136)

එස්. එල්. ඒ. කාණ්ඩයේ සි ධා. 1000 දක්වා කුඩා 7 මෝටර් රථ
1 නාමල් සිල්වා (ඔස්ටින් මිනි)
2 කේ. පරමේෂ්වරන් (ඔස්ටින් මිනි)
3 කේ. බාලසිංහම් (ඔස්ටින් මිනි)

එස්. එල්. එන්. කාණ්ඩයේ සි. ධා. 1000 දක්වා මෝටර් රථ
1 රෝහිත රාජපක්ෂ (නිසාන් මාර්ච් 1000)
2 උෂාන් සිල්වා (මරුටි ඇල්ටො 1000)
3 ප‍්‍රසන්න ද අල්විස් (නිසාන් මාර්ච් 1000)

එස්. එල්. එන්. කාණ්ඩයේ සි. ධා. 2200 දක්වා සුබාරු ලෙගාසි මෝටර් රථ
1 ටිරොන් හෙඳවිතාරන (සුබාරු ලෙගාසි)
2 මලින්ද ගුණසේකර (සුබාරු ලෙගාසි)
3 මාලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගාසි)

එස්. එල්. ඒ. කාණ්ඩයේ සි. ධා. 1050 දක්වා මෝටර් රථ
1 මහේන් මඩුගල්ල (ඔස්ටින් මිනි)
2 හෆීස් කල්දේරා (ඔස්ටින් මිනි)

ඞී. කාණ්ඩයේ සි. ධා. 2000 දක්වා ඞීසල් මෝටර් රථ
1 උදාර පල්ලියගුරු (ටොයොටා කැමරි)
2 ප‍්‍රසන්න ද අල්විස් (ටොයොටා ස්ටාලට්)
3 සී. ආර්. බියන්වල (ටොයොටා ස්ටාලට්)

එස්. එල්. කාණ්ඩයේ ට‍්‍රක් සහ ජීප්
1 සංජය සේදර සෙනරත් (මිට්සුබිෂී එවොලූෂන්)
2 කාසීම් වහබ් (මිට්සුබිෂී එවොලූෂන්)
3 සුමින්ද ද සිල්වා (ෆොර්ඞ් රේන්ජර්)

එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා සි. ධා. 1500 දක්වා මෝටර් රථ
1 රජිත් උළුවිට (ෆෝඞ් ලේසර් 1500)
2 කුෂාන් පීරිස් (ෆෝඞ් ලේසර් 1500)
3 ධම්මික පීරිස් (ෆෝඞ් ලේසර් 1500)

එස්. එල්. එච්. කාණ්ඩයේ සි. ධා. 1600 දක්වා මෝටර් රථ
1 ලිනූෂ පෙරේරා (හොණ්ඩා වී. ටී. ඊ. සී.)

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ සි. ධා. 3500 දක්වා මෝටර් රථ
1 ඩරින් වීරසිංහ (සුබාරු එස්. ටී අයි. එක්ස්)
2 රෝහිත රාජපක්ෂ (සුබාරු එස්. ටී අයි. එක්ස්)
3 රුවන් පතිරන (සුබාරු ඉම්ප්‍රෙසා)


අදහස් (0)

ඩරීන් - සෆ්රාස් එළියකන්දේ වේග වාර්තා තබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.