Last Update  :  2024-11-24 19:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports දමිත් මුල් පෙළ ස්ථානය සොයාගනී

දමිත් මුල් පෙළ ස්ථානය සොයාගනී

ශනුක අරවින්ද - 2014 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගනර්ස් සුපර් ක්‍රොස් තරගාවලියේ ප‍්‍රධානතම මෝටර් රථ තරගය වන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ තරගයේ අද (2 වැනිදා) පැවැති කාලය මැනීමේ පෙරහුරු තරගයේ හොඳම කාලය වාර්තා කළ යොවුන් දමිත් වීරසිංහ, එම ඉසව්වේ ඉදිරිපෙළ ආරම්භක ස්ථානය දිනාගැනීමට සමත්විය. දමිත් එම ඉසව්වේ එක් වටයක් නිමා කිරීමට ගතකළ අවම කාලය තත්. 54.215 කි.

තවමත් වයස අවුරුදු 17 ක් පමණක් වන දමිත් වීරසිංහ ඉන් නොනැවතුනේ එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) නවීනකරනය නොකරන ලද මෝටර් රථ තරගයේද හොඳම කාලය වාර්තා කිරීමට සමත්වූයේ කාගේත් අවධානය දිනාගනිමිනි.

කාල ගණනයට අනුව ඩිලාන් සෙනවිරත්න (තත්. 54.611) සහ අරවින්ද පේ‍්‍රමදාස (තත්. 54.661) එම ඉසව්වේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට පත්විය.

ස්ලාඩා - සියැට් ප‍්‍රසාද ලකුණු සටහනට අනුව මෝටර් රථ අංශයේ පළමු ස්ථානයේ පසුවන අශාන් සිල්වා මෙම තරගයට සහභාගී නොවේ. ඊට හේතුවී ඇත්තේ ඉකුත් වසරේ පැවති ගනර්ස් සුපර්ක්‍රොස් තරගාවලියේදී දිනේෂ් දෙහෙරගොඩ විසින් අශාන් සිල්වාට එරෙහිව ශී‍්‍ර ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමයට යොමුකරන ලද චෝදනා වලට ඔහු වැරදිකරු වීමයි.

තවත් ප‍්‍රමුඛ පෙලේ මෝටර් රථ ධාවයකු වන දිනේෂ් දෙහෙරගොඩටද තායිලන්තයේ පැවැත්වෙන මෝටර් රථ රැලියකට සහභාගීවීම නිසා මෙම තරගාවලිය මඟහැරී ගොස් තිබේ.

තම පි‍්‍රයතම තරග ඉසව්ව වන එස්. එල්. එන්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1500 දක්වා) මෝටර් රථ තරගයේ මෙන්ම එම කාණ්ඩයේම (සිලින්ඩර ධාරිතාව 1300 දක්වා) මෝටර් රථ තරගයේද හොඳම කාලයන් වාර්තා කිරීමට උපුල්වන් සේරසිංහ සමත්වූයේ කුෂාන් පීරිස් එම තරග දෙකේම දෙවැනි ස්ථාන වලට පත්කරමිනි.

එස්. එල්. එච්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1600 දක්වා) මෝටර් රථ තරගයේ මෙන්ම එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගයේද හොඳම කාලයන් වාර්තා කිරීමට සජාඞ් සුහේර් සමත්විය.

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ තරගය
1 දමිත් වීරසිංහ - තත්. 54.215
2 ඩිලාන් සෙනවිරත්න - තත්. 54.611
3 අරවින්ද පේ‍්‍රමදාස - තත්. 54.661

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ තරගය
1 සජාඞ් සුහේර් - තත්. 57.589
2 දමිත් වීරසිංහ - තත්. 57.843
3 ජනක ඩයස් - තත්. 57.229

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ තරගය
1 උපුල්වන් සේරසිංහ - විනාඩි 1 තත්. 00.877
2 කුෂාන් පීරිස් - විනාඩි 1 තත්. 00.975
3 චමින්ද වීරසූරිය - විනාඩි 1 තත්. 02.000

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ තරගය
1 උපුල්වන් සේරසිංහ - විනාඩි. 1 තත්. 02.666
2 කුෂාන් පීරිස් - විනාඩි 1 තත්. 02.933
3 ප‍්‍රසන්න ද අල්විස් - විනාඩි 1 තත්. 04.113

එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය
1 සජාඞ් සුහේර් - තත්. 56.775
2 දිනේෂ් සේසානායක - තත්. 57.013
3 කෞෂාල් සමරසිංහ - තත්. 57.028

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) නවීනකරනය නොකරන ලද මෝටර් රථ තරගය
1 දමිත් වීරසිංහ - විනාඩි. 1 තත්. 03.757
2 ලක්මාල් විජේරත්න - විනාඩි. 1 තත්. 04.892
3 කේ. පරමේෂ්වරන් - විනාඩි. 1 තත්. 05.518


අදහස් (0)

දමිත් මුල් පෙළ ස්ථානය සොයාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.